dhanushka-gunathilake-cricket

සිඩ්නි නුව­රදී පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගා­ර­ගත වීමෙන් මාස 13කට පසු ශ්‍රී ලංකා ආර­ම්භක පිති­කරු ධනුෂ්ක ගුණ­ති­ලක යළි ක්‍රිකට් පිටි­යට පිවි­ස ඇත. දැන් පැවැ­ත්වෙන ප්‍රධා­න­තම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර 50 ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (එස්එස්සී) පිලට එක්වෙ­මින් ධනුෂ්ක ගුණ­ති­ල­කට යළි තරග බිමට පිවි­සීමේ අව­ස­රය හිමිව ඇත.

ඒ අනුව ධනුෂ්ක ගුණ­ති­ලක අද මොර­ටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ පැවැ­ත්වෙන එස්එස්සී හා බදු­ර­ලිය ක්‍රිකට් සමා­ජය අතර තර­ග­යේදී හෝ 28 වැනිදා බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැ­ත්වෙන එස්එස්සී - බ්ලූම්ෆීල්ඩ් අතර තර­ග­යේදී යළි ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කලේය.

“ධනු­ෂ්කට සියලු අව­ස­රය හිමිව තිබෙ­නවා.

දැන් ඔහු නිද­හස් ක්‍රීඩ­ක­යෙක්. අද තර­ග­යට ඔහු එක් කිරී­මට බල­නවා. අද ක්‍රීඩා කළේ නැත්නම් 28 වැනිදා තර­ග­යට ඔහු අනි­වා­ර්ය­යෙන්ම ක්‍රීඩා කර­නවා” ක්‍රීඩා අමාත්‍යංශ ප්‍රකාහකයෙක් පැව­සීය.

ධනුෂ්ක ගුණ­ති­ලක කොළඹ සිංහල ක්‍රීඩා සමා­ජයේ (එස්එස්සී) ආර­ම්භක පිති­කරු ලෙස පිටි­යට පිවිසි අතර, එම ස්ථාන­යේම පන්දු­වට පහර දෙනු ඇතැයි එම එස්එස්සී සඳ­හන් කළේය.

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය අත­ර­තු­රදී තරු­ණි­ය­කට ලිංගික අත­වර කිරීම ඇතුළු චෝදනා 4ක් යටතේ ධනුෂ්ක ගුණ­ති­ලක ඔස්ට්‍රේ­ලි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගැණුනි.

2022 වසරේ ඔස්ට්‍රේ­ලි­යාවේ ඇතිවූ සිද්ධි­යත් සමඟ ඉකුත් වසරේ නොවැ­ම්බර් මාසයේ සිට ධනුෂ්ක ගුණ­ති­ල­කගේ සියලු ක්‍රිකට් තහ­නම් කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය පිය­වර ගත්තේය.නඩු තීන්දුවෙන් පසු එය ඉවත් කරන්නටද පියවර ගත්තේය.


ධනුෂ්කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබූ තහනම මීට මාස කීපයකට ඉවත් කළ ද එස්.එස්.සී. පනවා තිබූ තහනම ඩවත් නොවූ අතර පසුගියදා ඉවත්කිරීම හේතුවෙන් ඔහුට නැවත අන්තර් සමාජ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදාකරගත්තේය.

ධනුෂ්ක අවසන් වරට 2020 වසරේ අගෝස්තු මස එස්.එස්.සී. පිල නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභාගිවීමෙන් වසර 3 කට පසු මෙලෙස ක්‍රීඩා කරයි.