dharmendra-birthday-hemamalini

බොලිවුඩයේ පැරණි ප්‍රකට තාරකාවක වන හේමා මාලිනී සිය සැමියා වන රංගන ශිල්පී ධර්මේන්ද්‍රගේ 88 වැනි උපන්දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මිහිරි පණිවිඩයක් බෙදා ගෙන තිබෙන බව බොලිවුඩයේ වෙබ් අඩවි වාර්තා කර තිබේ.
මෙම සතුට ඔවුන් ,ඔවුන්ගේ දියණියන් වන ඊෂා සහ අහානා සමඟද  බෙදා ගෙන තිබිණි.
එදින ගත් නව රූපරාමු තුළ හේමා විසින්  ධර්මේන්ද්‍රගේ  කම්මුල මත මෘදු හාදුවක් තබනු දක්නට ලැබුණි.ෙ
එසේම හේමා සහ ධර්මේන්ද්‍රගේ දියණියන් වන ඊෂා සහ අහානා ද තම පියා සමඟ සතුටින් පෙනී සිටින ඡායාරූප කිහිපයක් ද දැකගත හැකි විය.

ඔහුගේ උපන්දිනයට සුබ පතමින් හේමා සිය සටහනේ ලියා තිබුණේ, “❤️වසර ගණනාවක මගේ ආදරණීය ජීවන සහකරුට, ඉතා සතුට, නිරෝගී සහ ප්‍රීතිමත් උපන්දිනයක් ප්‍රාර්ථනා කරමි. 🙏 ඔබේ හදවතේ තබා ගත හැකි සියලු ආදරය, දිනකට ගෙන ආ හැකි සියලු සතුට, ජීවිතයකට දිග හැරිය හැකි සියලු ආශීර්වාද ඔබට ලැබේවා.මට කියන්නට අවශ්‍යයි ඔබ මට ඉතා විශේෂ   වග මගේ ආදරයට සුභ උපන්දිනයක් ” යනුවෙනුයි.‍



ධර්මේන්ද්‍ර ඔහුගේ පවුලේ අය සමඟ ඔහුගේ උපන්දිනය සැමරීමෙන් පසු, සමාජ මාධ්‍ය වෙත ගොස් ඔහුගේ විශේෂ දිනය වෙනුවෙන් ඔහු කෙරෙහි දැක්වූ සියලු ආදරය වෙනුවෙන් ඔහුගේ රසිකයින්ට ස්තූති කර තිබුණි.

මුට්ටියක පැළයක් අතේ තබාගෙන, හිස්වැස්මක් පැළඳ, ඔහු පැවසුවේ,ඔහුට සෑම තැනකින්ම තම උපන්දිනය වෙනුවෙන් සුබ  පැතුම් සහ ලස්සන තෑගි ලැබුන බවත්   ඒ සියල්ල බොහෝ ආදරයෙන් පිරී ඇතිබවත් එයට ඔහුගේ  හෘදයාංගම ආදරය එවන බවත් ය.

ධර්මේන්ද්‍ර දෙසැම්බර් 8 වන දින ඔහුගේ 88 වැනි උපන්දිනය සමරනු ලැබුවේ ඔහුගේ පළමු බිරිඳ ප්‍රකාශ් කෞර් සහ පුතුන් වන සනී ඩියෝල් සහ බොබී ඩියෝල් සමඟ ය.
කෙසේනමුත් ඔහු  මුම්බායි  හි පිහිටි ඔහුගේ නිවසින් පිටත ඔහුගේ රසිකයින්ට ආචාර කරමින් තට්ටු තුනේ කේක් එකක් කපනු දක්නට ලැබුණි.