diana-gamage-parliament-ban

පසුගියදා අසභ්‍ය වචන හසුරුවමින් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී කලහාකාරී හැසිරීමක නිරතවූ රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන තිදෙනාම එම ආරවුල සම්බන්ධයෙන් වරදකරුවන් බව  පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පැවති පරීක්ෂණයේදී නිගමනය වූ බවත් තිදෙනාට දඩුවමක් ලෙස පාර්ලිමේන්තු කටයුතු මසකට අත්හිටුවීමට තීරණය කර ඇති බවත් ඊයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ වාර්තාව සභාගත කළ කමිටු සභාපති චමල් රාජපක්ෂ දැන්වීය.

අද (2) ඒ ගැනඡන්ද විමසීමක් පවත්වා ස්ථිර කිරීමක්ද පාර්ලිමේන්තුවේ සිදුවූ අතර ඒ අනුව රැස්ව සිටි 61 කින් 57 ක්ම කියා ඇත්තේ එය ක්‍රියාත්මක කරන්නටය. එක් කෙනෙකු එපා කී අතර 3 ක් ඡන්දය දුන්නේ නැත.
කෙසේ වෙතත් අද සභාවේ පැවති වාදවිවාද අනුව මෙම දඩුවම තිදෙනාටම සමව බෙදීයාම කිසියම් පක්ෂග්‍රාහී තීන්දුවක් ලෙස විවේචනයට ලක් විය.
මෙම ආරවුල ගැන පැමිණිලි ලද පසු කතානායක වරයා මුලින් වරප්‍රසාද කමිටුව වෙනුවෙන් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පත්කර විබාගයක් කරන්නට නියම කළ අතර එහිදී ඔවුන් කැඳවා විමර්ශනයක් කිරීමෙන් පසු
 ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වෙත මාස 03ක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීම කමිටුවේ ඒකමතික තීරණය විය.
    රෝහණ බණ්ඩාරට අදාල වීඩියෝව සමාජගත කිරීම හේතුවෙන් මන්ත්‍රීවරියට සිදුවූ අපකිර්තිය සැලකිල්ලට ගෙන සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට තීරණය විය.


සුජිත් සංජය පෙරේරාට ඔහු කළ ප්‍රතික්‍රියා පිළිබඳව දැඩි ලෙස 'අවවාද කළ යුතු' බව පමණක් තීරණය විය.
 නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පැවසුවේ තමන්ගේ සභාපතිත්වය දරන කමිටුව මේ නිර්දේශ ලබා දුන්නේ දැඩි අධ්‍යනයකින් පසුව බවය.
“අපි මොනවා කළත් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව කෙනෙකුට දෙන්න පුලුවන් උපරිම දඬුවම පාර්ලිමේන්තු කාලය  මාසයක් අත්හිටුවීමයි. එතනදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවට වගකියන්නේ චමල් රාජපක්ෂ මහත්මයාගේ නිර්දේශයෙන් යුතු කමිටුව. අපි කරන්නේ ඒකට උදව්වක් කිරීම. “
ඒ අනුව තමා නිර්දේශ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ යයි ඔහු සභාවට දන්වා සිටියේය.