diana-sujith-rohana-parliament-ban

පසුගියදා අසභ්‍ය වචන හසුරුවමින් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී කලහාකාරී හැසිරීමක නිරතවූ රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන තිදෙනාම එම ආරවුල සම්බන්ධයෙන් වරදකරුවන් බව  පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පැවති පරීක්ෂණයේදී නිගමනය වී තිබේ.


ඒ අනුව ඔවුන් තිදෙනාට දඩුවමක් ලෙස පාර්ලිමේන්තු කටයුතු මසකට අත්හිටුවීමට තීරණය කර ඇති බව දන්වා තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ වාර්තාව සභාගත කිරීම කමිටු සභාපති චමල් රාජපක්ෂ අද (30) පාර්ලිමේන්තුවේදී සිදු කළ අවස්ථාවේ මෙම කරුණ අනාවරණය විය.