14 හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන ඇගේ පෙම්වතා හා පෙම්වතාගේ මිතුරන් දෙදෙනකු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 05දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.
දොඩම්ගොඩ නාගොඩ සහ පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ පදිංචි 18 - 20 හැවිරිදි තරුණයින් තිදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මතුගම ප්‍රදේශයේ පාසලක 09 වසරේ ඉගෙනුම ලබන මෙම දැරිය මීට දින කීපයකට පෙර කළුතර නගරයට පැමිණි අවස්ථාවේ හමුවූ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබූ බවත්, ඉන්පසු ඔහුගේ ඉල්ලීම අනුව බසයෙන් කටුකුරුන්ද හන්දියට පැමිණ එතැන් සිට ඔහුගේ යතුරුපැදියෙන් මග්ගොන ප්‍රදේශයේ කාමර කුලියට දෙන ස්ථානයකට ගොස් ලිංගික සබඳතා පැවැත්වූ බවත් ඇය පොලීසියට ප්‍රකාශ කොට තිබිණි.
ඉන්පසු දෙසැම්බර් 24වැනි දින පෙම්වතාගේ ඉල්ලීම මත ගීකියනකන්දේ සිට ඔහුගේ මිතුරෙකුගේ යතුරුපැදියෙන් දොඩම්ගොඩ පිහිටි පෙම්වතාගේ නිවසට පැමිණ රාත්‍රිය ගත කළ බවත් එම නිවැසියන්ගේ විරෝධය හමුවේ වෙනත් මිතුරෙකුගේ නිවසේ නතර කිරීමට ගෙන ගිය බවත් ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත.
ඉන්පසු පෙම්වතා හා ඔහුගේ මිතුරන් සමග කැබ් රථයකින් මොරගල්ල වෙරළට ගිය බවත්
එහිදී තමාටද මත්පැන් පානය කිරීමට දුන් බවත් ඉන්පසු සිදුවූ දේ එතරම් මතක නැති බවත් ඇය කර තිබූ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.
කළුතර කටුකුරුන්දේ අවානි හෝටලය පිටුපස තරුණ ගැහැනු ළමයෙකු සිහිසුන්ව බිම වැටී සිටින බවත් ඇය අසල පිරිමි ළමුන් තිදෙනෙකුද සිටින බවත් කියමින් ලද දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මොවුන් තම භාරයට ගෙන තිබූ අතර දැරිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබිණි.
කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
කළුතර සුනිල් එස්.තන්ත්රිආරච්චි
0 Comments