dog-sale-fake-calls

මුහු­ණු­පොත හරහා දැන්වී­මක් පළ කර උසස් වර්ගයේ සුන­ඛ­යෙකු අලෙවි කිරී­මට උත්සාහ කළ පයා­ගල ප්‍රදේ­ශයේ පුද්ග­ල­යෙ­කුගේ බැංකු ගිණු­මෙන් රුපි­යල් තුන් ලක්ෂ තිස්තුන් දාහක මුද­ලක් (333,000) සොරා ගත් කල්ලි­යක සැක­ක­රු­වන් දෙදෙ­නෙකු පෙරේදා (06) අත්අ­ඩං­ගු­වට ගත් බව බේරු­වල පොලි­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට පත් වූයේ නුවර, පේරා­දෙ­ණිය, මුරු­ත­ලාව ප්‍රදේ­ශයේ පදිංචි අවු­රුදු 20 හා 22 වය­ස්වල පසු­වන තරු­ණ­යන් දෙදෙ­නෙකි.

පයා­ගල ප්‍රදේ­ශයේ පුද්ග­ල­යෙකු බේරු­වල පොලි­සි­යට කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කෙරිණ.



පයා­ගල, හල්ක­ඳ­විල ප්‍රදේ­ශයේ පුද්ග­ල­යෙකු රුපි­යල් තිස්ප­න්දා­හ­කට ‘ලැපිඩෝ’ වර්ගයේ සුන­ඛ­යෙකු විකි­ණී­මට ඇති බවට පසු­ගිය 12 වැනිදා මුහු­ණු­පොතේ දැන්වී­මක් පළ කර තිබෙන අතර, දිය­ත­ලාවේ හමුදා කඳ­වුරේ සිටින බව පව­ස­මින් 17 වැනිදා පුද්ග­ල­යෙකු එම සුන­ඛයා මිලදී ගැනී­මට කැමති බව පවසා තිබේ. මේ දින­වල නිවාඩු නොමැති බවත් 20 වැනිදා පැමි­ණිය හැකි බවත් එතෙක් අත්ති­කා­රම් මුද­ලක් ලබා දීමට බැංකු ගිණුම් අංකය හා ජාතික හැඳු­නු­ම්පත් අංකය ලබා දෙන ලෙසත් පවසා තිබේ. ඒ අනුව පැමි­ණි­ලි­කරු විසින් එම තොර­තුරු ලබා දී ඇති අතර, සුළු වේලා­ව­කින් එම පුද්ග­ලයා පවසා ඇත්තේ බැංකු­වෙන් එවා ඇති කෙටි පණි­වු­ඩයේ සඳ­හන් පරිදි ඔන්ට­යිම් පාස්වර්ඩ් එක ලබා දෙන ලෙසයි.

එය ලබා දුන් පසුව මෙම මුදල් සොරා­ගෙන ඇති අතර, පොලි­සිය සිදු කළ දීර්ඝ විම­ර්ශ­නයේ දී මහ­නු­වර, මුරු­ත­ලාව ප්‍රදේ­ශයේ බැංකු දෙක­කට මෙම මුදල් වැටී ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.



මොවුන් මුරු­ත­ලාව ප්‍රදේ­ශයේ මිතු­රෙ­කුගේ ඒ.ටී.එම්. කාඩ්පත ඉල්ලා­ගෙන මෙම සොර­කම සිදු කර තිබෙන බව මෙහිදි සිදු කළ දීර්ඝ විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබෙන අතර, විවිධ පුද්ග­ල­යින්ගේ නම්ව­ලට සිම් කාඩ්පත් ලබා ගෙන ඇම­තුම් ලබා දෙමින් මෙලෙස ජාවා­ර­මක් ලෙස සංවි­ධා­නා­ත්ම­කව සිදු කරන ක්‍රියා­වක් බව අනා­ව­ර­ණය වී තිබේ.

තදින් අයිස් මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූවන් වන මොවුන් කිහිප දෙනෙ­කු­ගෙන් යුතුව සංවි­ධා­නා­ත්මක කල්ලි­යක් ලෙස කට­යුතු කරන බවත් මෙහි පිටු­පස මහ­මො­ළ­ක­රු­වෙකු මෙන්ම තවත් කිහිප දෙනෙකු සිටින බවත් කාන්තා­වන් කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බවත් මෙතෙක් සිදු කළ විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබෙන බව පොලි­සිය පව­සයි.

විනීතා මානෙල් ගමගේ