drone-canabis-kuda-oya

ඩ්‍රෝන යානා තාක්ෂ­ණය මඟින් සොයා­ගන්නා ලද ඉතා සූක්ෂ්මව හා මහා පරි­මා­ණ­යෙන් වගා කර තිබූ ගංජා වගා­වක් සමඟ පුද්ග­ල­යකු පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­සක් විසින් පෙරේදා (21) කුඩා­ඔය පොලිස් වසමේ කිවු­ල­පි­ටිය ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.



පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­ස­කට ලද තොර­තු­රක් මත කුඩා­ඔය පොලිස් වසමේ කිවු­ල­පි­ටිය ප්‍රදේ­ශ­යේදී වැට­ලීම් සිදු­කර ඇත. නවීන ඩ්‍රෝන යානා තාක්ෂ­ණය යොදා ගනි­මින් විම­ර්ශ­නය කිරී­මේදී අනා­ව­ර­ණය වී ඇත්තේ ඉතා සූක්ෂම ලෙස අක්කර 01 ½ ක පමණ භූමි ප්‍රමා­ණ­යක වගා කරන ලද උස අඩි 06 ප්‍රමා­ණ­යෙන් යුත් ගංජා ගස් 35,000ක් සහිත වගා­වක් සිදු­කර ඇති බව යැයි පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි. ඒ අනුව සිදු­කළ වැට­ලී­මේදී ගංජා හේන සහ ඒවා වැවීම සම්බ­න්ධ­යෙන් ඌව කුඩා ඔය, හල්මි­ල්ල­ගම ප්‍රදේ­ශයේ පදිංචි අවු­රුදු 42ක පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­කරු සහ වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා ගංජා ගස් 10ක් කුඩා­ඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඉතිරි ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කළ බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය සඳ­හන් කරයි.

විශේෂ කාර්ය බළ­කාය බුත්තල කඳ­වුරේ නිල­ධා­රීන්ට ලද තොර­තු­ර­කට අනුව විශේෂ කාර්ය බළ­කායේ අණ­දෙන නිල­ධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි සහ­කාර පොලිස් අධි­කාරි අශෝක මහ­තාගේ මඟ පෙන්වී­මෙන් බුත්තල කඳ­වුරේ අණ­දෙන නිල­ධාරි පොලිස් පරී­ක්ෂක ටී. එම්. සී. ජනිත් කුමාර ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මෙම වැට­ලීම සිදු­කර තිබේ. 

රක්ෂණ ශ්‍රියන්ත