drugs-dealer-god

කාල­යක් තිස්සේ දේවා­ල­යක් පව­ත්වන මුවා­වෙන් අයිස් බෙදූ කපු­වකු දින 08ක් තිස්සේ රඳ­වා­ගෙන ප්‍රශ්න කිරී­මට බල­පි­ටිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් බට­පොළ පොලි­සි­යට අව­සර ලබාදී තිබේ.

දේවා­ල­යක් පව­ත්වා­ගෙන යන කපු­වකු දේවා­රූ­ඪ­යෙන් මත්ද්‍රව්‍ය අලෙ­වි­ක­ර­ණය සිදු­ක­රන බවට බට­පොළ පොලි­සි­යට ලද තොර­තු­ර­කට අනුව බට­පොළ නව­ග­මුව ප්‍රදේ­ශයේ කළ වැට­ලී­ම­කදී කපුවා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. පොලි­සිය පැව­සුවේ සැක­කරු ඉතා සූක්ෂම අයු­රින් කලක සිට මෙම ජාවා­රම කර­ගෙන ගොස් ඇති බවයි.



සැක­කරු බල­පි­ටිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රැඳ­වුම් නියෝග යටතේ රඳ­වා­ගෙන විම­ර්ශන කිරී­මට බට­පොළ පොලි­සි­යට බල­පි­ටිය මහේ­ස්ත්‍රාත් හංස­දේව සම­ර­දි­වා­කර මහතා අව­සර ලබා දී ඇත.

බට­පොළ පොලි­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජනක සම්පත් මහ­තාගේ මෙහෙ­ය­වීම මත උප පොලිස් පරී­ක්ෂක රණ­තුංග, සැර­ය­න්ව­රුන් වන වීර­සේ­කර (35240), හේරත් (38815) සහ පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන සිල්වා (20292), මදු­මාල් (20180) යන නිල­ධා­රීන් විසින් මෙම වැට­ලීම සිදු­කර ඇත.

කර­න්දෙ­ණිය අනු­රාධ ප්‍රිය­ද­ර්ශන