dubai-pathala

ඩුබායි සහ ප්‍රංශයේ සැඟවී සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම් කරන සහ පාතාලය මෙහෙයවන පාතාල ප්‍රබලයන් තිස් දෙනකු සම්බන්ධයෙන් රජයට බුද්ධි අංශවලට තොරතුරු වාර්තාවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.එම සියලුම දෙනා අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒම සඳහා රජය ඩුබායි සහ ප්‍රංශ රාජ්‍යයන් සමග රාජතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

එම පාතාලකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ සැලසුමක් ක්‍රියාත්මක කර ඇතැයිද ඔහු පැවැසීය.

මෙම පාතාල ප්‍රබලයන්ගෙන් 29 දෙනකු ඩුබායි  රාජ්‍යයේ සිටද එක් අයකු ප්‍රංශයේ සිටද ජාවාරම් මෙහෙය වන බවට තොරතුරු ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට පාතාලය සහ කුඩු ජාවාරම් යුක්තිය මෙහෙයුමෙන් ඉදිරි මාස හයේදී සම්පූර්ණයෙන්ම නතර කරන බව කී මහජන ආරක්ෂක අමාත්‍යවරයා කවුරු බාධා කළත් ඒ කාර්යය නතර නොකරන්නේ යැයි ද ප්‍රකාශ කළේය.කුඩු සහ පාතාලය සියයට සියයක් අතුගා දමන්නේ යැයි සහතිකයක් දීමට නොහැකි නමුත් අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් කරන බවද අමාත්‍යවරයා කීය.

කිරිඳිවැල අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියකට පෙරේදා (25) සහභාගි වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න