gaja-man-no-more

ගජමෑන්' චිත්‍රකතාවෙන් මෙරට බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ කාටුන් චිත්‍ර ශිල්පියකු, ලේඛකයකු, ප්‍රකාශකයකු මෙන්ම නිෂ්පාදකවරයකු ද වූ කැමිලස් පෙරේරා මහතා ඊයේ (17) පෙරවරුවේ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.ඔහුගේ අවසන් කටයුතු මීගමුවේ දී ඊයේ (17) පස්වරුවේම සිදු කෙරිණි. මිය යනවිට ඔහු 84 වැනි වියේ පසුවිය.මීගමුවේ උපත ලැබු කැමිලස් පෙරේරා මහතා රෝමානු කතෝලික සිංහල පාසල, මාරිස්ටෙලා විදුහල හා මීගමුව ශාන්ත මරියා යන විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ අතර ඔහු පාසල් කාලයේ දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක් ද විය. තරුණ අවධියේ ඔහු මීගමුව ජුපිටර් වොලිබෝල් සංගමයේ සාමාජිකයකු ලෙස වොලිබෝල් ක්‍රීඩාවේ නිරත විය.

1996 දී 'දොං සේතං, දැක්කොත් පත්මාවතී,

කටුන් ලේක්හවුස් පුවත්පත්වලට ඇඳි කැමිලස්, එහි චිත්‍රකට පුවත්පත වූ 'සතුට' පුවත්පතට 1975 දී ‘ගජමෑන්' චිත්‍රකතාව ඇඳි අතර පසුව 1984 දී ‘සිත්තර' පුවත්පතට එම කාටුනය නිර්මාණය කළේය.1984 දී කැමිලස් ප්‍රකාශන ආරම්භ කළ ඔහු ‘කැමිලස්ගේ ගජමෑන්' චිත්‍රකතා පුවත්පත එළිදැක්වූ අතර එවකට එහි පිටපත් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි වීමෙන් වාර්තා තබන්නට සමත් විය.

ඔහුගේ 'ගජමෑන්' කාටුනයට වසර 36ක් පිරීම නිමිත්තෙන් 2002 වසරේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ උපන්දින ප්‍රසංගයක්ද පැවැත්වුණි. ‘ගජමෑන්' නමින් ඔහුගේ නිර්මාණය යොදා එළිදැක්වූ ‘ගජමෑන්' ත්‍රිමාන තාක්ෂණයෙන් යුත් චිත්‍රපටය

මේ වසරේ මුලදී එළිදැක්වූ අතර එයද ආදායම් වාර්තා තැබීමට සමත් විය. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මේ දිනවල යළිත් එය තිරගත වෙන අතර ඔහුගේ මරණයද මේ දිනවල සිදුවීම ද එක්තරා විශේෂත්වයක් ලෙස හැඳින්විය හැකිය.
සමන්ත යහම්පත්