“අපි ගලබඩ දිය ඇල්ල බලන්න ටිකට් ගත්තා. එදා දිය ඇල්ල බලන්න ගොඩක් අය ඇවිත් තිබ්බා.ඊට පස්සේ අපි ටිකක් පහළ ඇවිල්ලා වළක නාන්න හිතාගෙන ඇඳුම් ගලවලා වළට පැන්නා. ඊට පස්සේ පසිඳු ගිලෙනවා කියා කෑ ගැහුවා. අපි හිතුවේ විහිළුවට කියලා.ඒ වළේම නාගෙන හිටපු අයියා කෙනෙකුයි මමයි ළඟට ගියා. අපට පසිඳු ගන්න වුණේ නෑ. අපි කළේ ඇඳගෙන හිටපු කලිසම් ගලවලා කඹයක් වගේ හදලා එයාට දුන්නා.එයාට අල්ල ගන්න බැරිවුණායැයි නාවලපිටිය ගලබඩ දිය ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලි මියගිය කඩුගන්නාව පනාබොක්ක ප්‍රදේශයේ පදිංචි පසිඳු චමෝද් නැමති 15 හැවිරිදි පාසල් සිසුවාගේ ඊයේ (27) පැවති මරණ පරීක්ෂණයේදී ඔහුගේ මිතුරෙක් වන ළහිරු බණ්ඩාර සාක්ෂි දෙමින් පැවසීය.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නාවලපිටිය හදිසි පරීක්ෂක මල්ලිකා හේවාරත්න විසින් පවත්වනු ලැබු මේ මරණ පරීක්ෂණයේදී මියගිය සිසුවාගේ
මව වන බෙරකාර ගෙදර අයිරාංගනී මහත්මිය සාක්ෂි දෙමින් පැවසුවාය.
මේ මිය ගිහින් තිබෙන්නේ මගේ දෙවැනි පුතා.මම එයාගේ සිරුර හඳුනාගත්තා.මියගිය පුතා (25)කඩුගන්නාවේ මුදලිවත්ත ප්‍රදේශයේ ආච්චිලාගේ ගෙදර යනවා කියා ගියා.ඊට පස්සේ එහේ ඉදන් තාත්තාට ඇමතුමක් දී තියෙනවා කඩුගන්නාවේ ඉහළ කෝට්ටේ මීයන් ඇල්ල බලන්න යනවා කියලා.
ඊට පස්සේ මගේ පුතයි එයාගේ යාළුවෝ පස්දෙනෙක් එක්ක කඩුගන්නාවේ දුම්රිය ස්ථානයට ගිහින් තියෙනවා උදේ 8.30ට.ඒ වෙලාවේ කොළඹ දුම්රිය ගිහින්.පස්සේ බදුල්ල දුම්රිය ඇවිත් තිබෙනවා.ඒකේ නැඟලා දුම්රියේ එන ගමන් අන්තර්ජාලයෙන් ගලබඩ ඇල්ල තිබෙන ස්ථානය සොයා එතැනට ගිහින්.
ගලබඩ ඇල්ල ගාවට ගිහින් ෆොටෝ ගහලා තියෙනවා. (26) හවස නාවලපිටිය පොලිසියෙන් මට ඇමතුමක් අරන් කීවා ඔයාගේ පුතා ගලබඩ දිය ඇල්ල බලන්න ගිහින් වැටිලා නාවලපිටිය රෝහලට ඇතුළත් කර තියෙනවා එන්න කියලා.ඊට පස්සේ ඉස්පිරිතාලෙට ගියාට පස්සේ තමයි දන්නේ පුතා මිය ගිහින් කියලා.
මේ හදිසි මරණ පරීක්ෂණය කළ නාවලපිටිය හදිසි මරණ පරීක්ෂක
මල්ලිකා හේවාරත්න මහත්මිය මියගිය සිසුවාගේ මව්පියන් සහ ඔහුගේ මිතුරන් සමඟ කියා සිටියේ දරුවන් ගැන මීට වඩා මව්පියන් සැලකිලිමත්ව කටයුතු කළයුතු බවයි.
දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන ලබාදීම නිසා දරුවන් මෙවැනි අකල් මරණවලට ගොදුරු වෙනවා. දරුවන් යන්නේ කොහේ ද? අද අමතර පන්ති තියෙනව ද කියා සොයා බැලිම මව්පියන්ගේ වගකීමක්. දරුවොත් දැන ගන්න ඕනෑ මව්පියන් දුක් මහන්සි වෙලා උගන්වන්නේ කියලා.
බොරු කියලා යාළුවන් එක්ක අවදානම් තැන්වලට ගියාම මෙවැනි අනතුරු වෙනවා.දරුවන් ජංගම දුරකථන භාවිතා කරන එක තමයි මෙවැනි අනතුරුවලට ප්‍රධානම හේතුව යනුවෙන් පැවසීය.
ඊට පස්සේ අපි කෑගැහුවා. ඊට පස්සේ වටේ හිටපු කට්ටිය ඇවිත් පසිඳුව ගොඩ අරගෙන 1990 සුවසැරියෙන් රෝහල වෙත අරගෙන යනකොටත් එයා මිය ගිහින්. මේ පාසල් සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිපුණ එදිරිසිංහ පැවැත්වු අතර එහිදී සිසුවා දියේ ගිලීමෙන් හුස්ම සිරවී වු මරණයක් බවට නිගමනය කෙරිණි.
මරණය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියේ පො:සැ: එල්.එස්.ශාන්ත (30029) සහ පො:සැ: කුමාර අබේරත්න (75696) මහත්වරු සාක්ෂි මෙහෙයවූහ.
හැටන් රංජිත් රාජපක්ෂ
0 Comments