galle-karapitiya-incident

ගාල්ල කරාපිටිය රෝහල අසල ඉදිකිරීම් ස්ථානයකට පස් කන්දක් කඩා වැටී කම්කරුවන් තිදෙනෙකු ඊට යටවූ සිදුවීමක් අද (9) වාර්තාවී වී තිබේ.


යට වූ පුද්ගලයන් තිදෙනා සොයා මෙහෙයුම් සිදු කළ අතර ටික වේලාවකට පසු දෙදෙනකු බේරාගන්නට හැකිව ඇතත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය අයහපත් හෙයින් රෝහල් ගත කර තිබේ.
අනෙක් පුද්ගලයා තවම බේරාගන්නට බැරිව තිබෙන බවත් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් වාර්තා විය.