jeromi-fernando

ආග­මික සංහි­ඳි­යා­වට හානි වන අයු­රින් බුදු­ද­හම සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් කළැයි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින දේව­ගැති ජෙරොම් ප්‍රනාන්දු යන අයගේ හඬ පරී­ක්ෂා­වක් සිදු කර අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් රජින්ද්‍රා ජය­සූ­රිය මහ­ත්මිය රජයේ රස පරී­ක්ෂ­ක­ව­ර­යාට ඊයේ (27) නියෝග කළාය.



මෙම සිද්ධිය තහ­වුරු කර ගැනී­මට සැක­ක­රුගේ කට­හඬ පරී­ක්ෂා­වක් සඳහා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මට නියෝ­ග­යක් ලබා දෙන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කළ ඉල්ලී­මක් සැල­කි­ල්ලට ගත් මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම නියෝ­ගය නිකුත් කළාය.


සැක­කරු ලබන 03 වැනිදා තෙක් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ද නියෝග කෙරිණි.

මෙම සිද්ධි­යට අදාළ මහේ­ස්ත්‍රාත් පරී­ක්‍ෂ­ණය ඊයේ (27) යළි කැඳවූ අව­ස්ථා­වේදී සැක­කරු බන්ධ­නා­ගා­රය මඟින් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කර තිබිණි. පැමි­ණිල්ල වෙනු­වෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ස්ථානා­ධි­පති සහ ඩිජි­ටල් වෝහා­රික විද්‍යා­ගා­රයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එස්.කේ. සේනා­රත්න මහතා අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­මින් කරුණු ඉදි­රි­පත් කළේය. ආග­මික සංහි­ඳි­යාව බිඳ­ලන අයු­රින් සැක­කරු කළ ප්‍රකා­ශ­යන්ට අදාළ හඬ ඇතු­ළත් ඩී.වී.ඩී. පට­යක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, එය නඩු භාණ්ඩ­යක් ලෙස භාර ගන්නා ලෙසට අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.


සැක­කරු වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ අනූජ ප්‍රේම­රත්න මහතා සඳ­හන් කර සිටියේ මෙම නඩුව යළි කැඳ­වීම සඳහා ඉතා කෙටි දින­යක් ලබා දෙන ලෙසය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර දුන් නඩු භාණ්ඩය අධි­ක­ර­ණය භාර­යට ගෙන සැක­කරු ලබන 03 වැනිදා තෙක් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළේය.බුදු දහ­මට නිගා වන අයු­රින් සහ ආග­මික සංහි­ඳි­යාව බිඳ­ලන අයු­රින් වග­කීම් විර­හිත හිතළු ප්‍රකා­ශ­යක් කළ මෙම දේව­ගැ­ති­ව­ර­යාගේ එම ප්‍රකාශ පිළි­බඳ විම­ර්ශ­න­යක් ආරම්භ කළ බවත් ඒ හේතු­වෙන් ඔහුගේ විදෙස් ගමන් තහ­නම් කිරීමේ නියෝ­ග­යක් නිකුත් කරන ලෙසත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මින් ඉහ­තදී


අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීම් කර තිබිණි. ආග­මික ගැටුම් නිර්මා­ණය වී එය රටේ සංහි­ඳි­යා­වට බල­පෑ­මක් විය හැකි බවට සඳ­හන් කර­මින් පාර්ශ්ව කිහි­ප­යක් මේ සම්බ­න්ධ­යෙන් තම දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කළ බව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දී තිබිණි. පසුව, විදෙ­ස්ග­තව සිට ඉකුත් නොවැ­ම්බර් මස 29 වැනිදා මෙර­ටට පැමිණි දේව­ගැ­ති­ව­රයා ප්‍රකා­ශ­යක් ලබා දීම සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ගොස් සිටි­යදී එම දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබුණේ දෙසැ­ම්බර් මස පළමු වැනි­දාය.

නිමන්ති රණ­සිංහ