government-bodies-in-change

රාජ්‍ය ව්‍යව­සා­යන් ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සඳහා නව නීති­යක් රජය මඟින් කෙටු­ම්පත් කර තිබේ. එම කෙටු­ම්පත් නීති සම්පා­දක වෙත සහ අමාත්‍ය මණ්ඩ­ලය වෙත ඉදි­රි­පත් කර අනු­මැ­තිය ලබා­ගැ­නී­මෙන් අන­තු­රුව ලබන වසරේ මුල් කාර්තු­වේදී පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර සම්මත කර ගැනී­මට නිය­මි­තය.



මේ වන විට රාජ්‍ය ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ ඒක­කය විසින් රාජ්‍ය ව්‍යව­සාය ආය­තන 130ක් පමණ ඇති බවට හඳු­නා­ගෙන ඇති අතර ඉන් ආය­තන 15ක් ඈවර කර වසා දැමිය හැකි බවට හඳු­නා­ගෙන ඇතැයි රාජ්‍ය ව්‍යව­සාය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ඒක­කයේ අධ්‍යක්ෂ ජන­රාල් සුරේෂ් ෂා ප්‍රකාශ කළේය. සෙසු ආය­තන 115 න් 85කට පමණ රාජ්‍ය පාල­න­යක් අවශ්‍ය නැති බව පෙනී යන නිසා ඒවා ඉදි­රි­යේදී ප්‍රති­ව්‍යු­හ­ගත කිරී­මට නිය­මිත බවද හෙතෙම පෙන්වා දුන්නේය.