hanthana-medical-students

මහ­නු­වර හන්තාන කන්ද තර­ණය කර­මින් සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසු­වි­යන් එක­සිය අසූ එක්දෙ­නකු හා මඟ පෙන්ව­න්නන් ලෙස කට­යුතු කළ පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන් දෙදෙ­නකු අය­හ­පත් කාල­ගු­ණය සමඟ මඟ වැරදී පැය දහ­ය­කට අධික කාල­යක් අතු­රු­ද­හන් වී සිටි­යදී මහ­නු­වර පොලි­සිය හා යුද හමු­දාව එක්ව ඔවුන් මුදා­ගැ­නී­මට කට­යුතු කරන ලදි. 

මහ­කන්ද ප්‍රදේ­ශ­යෙන් හන්තාන කන්ද තර­ණය කිරී­මට පෙරේදා පෙ.ව. 10.00ට පමණ ගිය රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසු­වි­යන් 180 දෙන­කු­ගෙන් සම­න්විත කණ්ඩා­ය­මක් අධික වර්ෂා­වත් සමඟ ඇති වූ ඝන මීදුම් සහිත තත්ත්වය හේතු­වෙන් කඳු මුදුනේ අත­ර­මංව සිටි­යදී පොලී­සිය හා යුද හමු­දාව ඒකා­බ­ද්ධව කළ මෙහෙ­යු­ම­කින් පසු සිසු පිරිස නිරු­ප­ද්‍රි­තව පහ­ළට රැගෙන විත් තිබේ.

කඳු මුදුනේ අත­ර­මංව සිටි සිසුන් පෙරේදා රාත්‍රී 10.00ට පමණ තමන් අත­ර­මංව සිටින බවට දුර­ක­තන මගින් මවු­පි­යන්ට පවසා ඇත. පසුව මවු­පි­ය­යන් ඒ බව මහ­නු­වර පොලී­සි­යට දැනුම් දීමෙන් පසු වහා ක්‍රියා­ත්මක වූ පොලි­සිය යුද හමු­දා­වේද සහාය ඇතිය අදාළ ස්ථාන­යට ගොස් සිසුන් 120 දෙනෙකු ඊයේ (03) අලු­යම 3.30 පමණ වන­විට පහ­ළට රැගෙන ඒමට සමත්ව ඇත.

ඒ අතු­රින් තර­මක අස­නීප තත්ත්ව­යෙන් පසු වූ සිසු­වි­යන් දෙදෙ­නකු හා සිසුන් දෙදෙ­නකු ප්‍රති­කාර සඳහා මහ­නු­වර ජාතික රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. ඔවුන් ගේ තත්ත්වය බර­ප­තළ නොවන බව වාර්තා වේ.

මේ හන්තාන ගමන සඳහා රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 60 දෙනකු හා සිසු­වි­යන් 121 දෙනකු පැමිණ තිබේ. ඔවුන් පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය පැමිණ ඒ ඔස්සේ හන්තාන තර­ණය කිරී­මට පිටත්ව ඇත්තේ පෙරේදා (2) දින පෙර­වරු 11 ට පම­ණය. සවස 5 පමණ වන විට අධික මීදුම හා වර්ෂාව සමග මාර්ගය වැර­දුනු බව එම සිසුහු පව­සති.


මධ්‍ය පළාත් නියෝජ්‍ය පොලි­ස්පති මහින්ද දිසා­නා­යක මහතා හා මහ­නු­වර 111වන බල­සේ­නා­ධි­පති බ්‍රිගේ­ඩි­යර් සාලිය ඩයස් එම ස්ථාන­යට පැමිණ මෙහෙ­යුම සඳහා උප­දෙස් දුන්හ.

හන්තාන කන්දට ඇතුළු වු හත­ළි­හක් පමණ හමුදා පිරිස් විසින් මෙහි මුල්ම කණ්ඩා­යම ඊයේ (3) අලු­යම 2ට පමණ පහ­ලට රැගෙන ආ අතර එම ප්‍රමා­ණය සිසුන් සිව් දෙනෙකි.

ඊළ­ඟට රැගෙන ආ සිසු­වකු හා සිසු­වි­යක අසාධ්‍ය තත්ත්ව­යෙන් සිටීම හේතු­වෙන් මෙහි සූදා­නම් කර තිබූ ගිලන් රථ­ය­කින් ඔවුහු මහ­නු­වර මහ රෝහල වෙත පිටත් කරනු ලැබූහ.

සොයා ගත් සිසු සිසු­වි­යන්ට ඇති වී තිබූ අසා­ත්මි­ක­තා­වන්ට ප්‍රථ­මා­ධාර හා වෛද්‍ය උප­දෙස් දීමට කඳු පාමු­ලට පැමිණ සිටි වෛද්‍ය කණ්ඩා­යම් සමඟ පරි­සර විද්‍යාඥ ප්‍රදීප් සම­ර­වි­ක්‍රම හා වන සත්ව ගවේ­ෂක අනිල් විජේ­තුංග යන පරි­ස­ර­වේ­දීන්ද යුහු­සු­ලුව ක්‍රියා කරනු දක්නට ලැබිණි. මේ වන විට සිසු සිසු­වි­යන්ගේ මවු­පි­යන්ද රටේ විවිධ ප්‍රදේ­ශ­වල සිට මෙම ස්ථානය වෙත පැමි­ණෙ­මින් සිටි අතර ඔවුන් තම දරුවා දැක ගන්නා තුරු නොඉ­ව­සි­ල්ලෙන් පසු විය.

පැවති දැඩි වර්ෂාව සමග හන්තාන මාර්ග­යද කැඩී ගොස් ගමන් කිරී­මට නොහැකි අයු­රින් වල­වල් සෑදී තිබීම නිසා මෙම පිරිස කන්දෙන් පහ­ළට රැගෙන ඒම දැඩි දුෂ්කර කට­යු­ත්තක් වී තිබිණි. මේ තත්ත්වය නිසාම අලු­යම හතර පසු වන තුරුම ඔවුන් පහ­ළට රැගෙන ඒම සිදු විය. මෙහිදී රෝගා­තුර වූ සිසු සිසු­වි­යන් පස් දෙනෙකු රෝහ­ල්ගත කරන ලදි. අනෙක් සිසු පිරිස ඊයේ (03) පෙර­වරු 6.00 පමණ වන­විට පහ­ළට රැගෙන ආ බව පොලී­සිය පව­සයි.

සිද්ධි­යට මුහුණ දුන් විශ්ව­වි­ද්‍යාල සිසු සිසු­වි­යන් තම අත්දැ­කීම විස්තර කළේ මෙලෙ­සිනි:

“මගේ ගම මාතර අපේ බැජ් එකේ අය හන්තානෙ යන්න තීර­ණය කළාට පස්සේ මම ඒ ගැන අපේ අම්ම­ලාට කීවා එත­කොට තාත්තා කිව්වේ මේ දව­ස්වල කඳු­කර පැත්තට තදින් වහි­නවා කඳු නාය යනවා ඒ නිසා ඒ ගමන අව­දා­නම් කියලා. ඒත් අපේ කට්ටිය ඔක්කොම යන නිසා මට යන්න වුණා. අපි රාගම වෛද්‍ය පීඨයේ ඉදලා පේරා­දෙ­ණිය යුනි­ව­සිටි එකට උදේ ආවා. ගමන පිටත් වෙලා මහ­කන්ද කියන පැත්තෙන් අපි හන්තානේ නඟින්න පටන් ගත්තා.


“අපට පාර පෙන්නන්න පේරා­දෙ­ණිය කැම්පස් එකේ දෙන්නෙක් හිටියා. අපි කන්ද උඩට ආවේ බොහොම අමා­රු­වෙන් වැස්ස නිසා පාර­වල් ඔක්කොම හේදිලා ගිහින්. විශාල වළ­වල් හෑරිලා. පාර හරි­යට ලිස්ස­නවා. අපි කන්දෙ යන කොට හවස පහට පහ­මා­රට විතර තේරුණා අපි අත­රමං වෙලා කියලා.

ඒ වෙලාව වෙන කොට පළා­තම අඳුරු වෙලා මීදුම නිසා හරි­යට මොන­වත් පේන්නේ වත් නෑ. අපි හොඳ­ටම බය වුණා අපි පැය ගානක් කන්දේ එහෙ මෙහෙ ගියා කිසි දෙයක් හිතා ගන්න බැරිව ඉන්න­කොට පාන්දර දෙකට විතර අපි හොයා­ගෙන ආව පොලි­සියේ හා හමු­දාවේ අයගේ කෑගැ­සීම් ඇහුණා.

ඒ අය අපට හයි­යෙන් කථා කර­මින් අපි හෙව්වා. පස්සේ ඒ අයත් එක්ක අපි කන්දෙන් පහ­ලට එන­කොට පාන්දර හත­රට විතර ඇති.මේ ගමන නම් මට ජීවි­තේට අම­තක වෙන්නෑ ඒත් එක වෙලා­ව­කට හිතෙ­නවා ඒකත් හොඳ අත්දැ­කී­මක් කියලා.”

ෆාතිමා කලිසා විශ්ව­වි­ද්‍යාල සිසු­වි­යක්:

“අපේ බැජ් එකේ ගෑනු ළමයි තමයි වැඩි පිරිමි ළමයි හිටියේ හැටයි, ගෑනු ළමයි එක­සිය විසි එකක්. අපි හරි අමා­රු­වෙන් කන්ද උඩට නැග්ගේ වැස්ස මීදුම සීතල එක්ක කැලේ භයං­කාර කම අපට දැනුණා කවු­රුත් කිවුවේ රෑ වෙන්න කලින් පහ­ලට යමු කියලා හවස 5 වෙන­කොට පලා­තම කරු­වල වෙලා ඉව­රයි. අපි යන පාර­වල් හොයා­ගන්න බෑ. කැලේ කූඩැල්ලෝ පිරිලා. උන් අපේ ඇඟ හැම තැනම යනවා. ගොඩක් ළමයි ඒ සතුන්ට බයේ කෑග­හ­නවා. ඔක්කොම බය වෙලා හිටි­යත් එක එක්කෙ­නාට කිව්වේ කවු­රු­වත් කල­බල වෙන්න එපා, බය­වෙන්න එපා කියලා. ඒත් අපි ඔක්කොම බයේ තමයි හිටියෙ. නොදන්න පළා­තක ඇවිත් අපට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුව ඉන්න කොට පාන්දර එකට විතර හමුදා කට්ටි­යක් අපි හිටපු තැනට ආවා අපි ඒ අයත් එක්ක කන්ද පහ­ළට එන­කොට පාන්දර තුන හමාර විතර වුණා.“

මේ දින­වල පව­තින අධික වර්ෂාව සහ ඝන මීදුම් සහිත තත්ත්වය නිසා අනා­ර­ක්ෂි­තව හන්තාන කන්ද තර­ණය කිරී­මට යෑමෙන් වළ­කින ලෙස මහ­නු­වර පොලිස් මූල­ස්ථා­නය ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.

(අසේල කුරු­ළු­වංශ, සුරංග දිල්හාන්)