harak-kata-police

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගැනීමට ප්‍රමාණවත් කරුණු නොමැතිනම් හරක් කටා නොහොත් නදුන් චින්තක වික්‍රමරත්න වහාම සුදුසු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය රහස් පොලිසියට සහ පොලිස්පතිවරයාට ඊයේ (6) නියෝග කළේය.



අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ හරක් කටා නොහොත් නදුන් චින්තක වික්‍රමරත්න විසින් තම රැඳවුම් නියෝගවලට එරෙහිව ගොනු කරනු ලැබ තිබූ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.වගඋත්තරකරුවන් පෙත්සම්කරුගේ රැඳවුම් නියෝග දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආරක්ෂක ඇමැතිවරයාට මෙම නියෝගය කිසිදු බාධාවක් නොවන බවද තීන්දුවේ සඳහන් වේ.



පෙත්සම්කරුට එරෙහිව රැඳවුම් නියෝග දීර්ඝ කිරීමට ප්‍රමාණවත් කරුණු ඇත්නම් මෙම රැඳවුම් නියෝග දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආරක්ෂක ඇමැතිවරයාට මෙම නියෝගය කිසිදු බාධාවක් නොවන බව ද තීන්දුවේ සඳහන් වේ.හරක් කටා නමැත්තා මැඩගස්කරයේ සිට අත්අඩංගුවට ගෙන ඉකුත් මාර්තු මස 1 වැනිදා මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග යටතේ රහස් පොලිස් භාරයේ රඳවා තබා ඇත.



මෙසේ රැඳවුම් නියෝග බාරයේ රඳවා තබා ගැනීම නීතියට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද, ඔහුගේ රැඳවුම් නියෝග දීර්ඝ නොකිරීමට නියෝග කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බව ද අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සේනානි දයාරත්න මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.


රන්ජන් කටුගම්පොළ