henry-pediris-murder-story

යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර 108කට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය පිළිබඳ පක්‍ෂණයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව එම ඝාතනය පිළිබඳ සැබෑ තොරතුරු අනාවරණය කරගෙන ඒ මහතාට යුක්තිය ඉටු කිරීම පිණිස අදාළ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත්

ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනාව එල්ල කරමින් යුද අධිකරණයක් හමුවට පමුණුවා රාජද්‍රෝහී චෝදනාවට වරද කරු කොට එවකට 27 වියැති එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915-7-7 වන දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඬුවමට ලක් කර ඇත.



ඔහුගේ දේහය යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රය පරිසරයක ආදාහනය කර තිබේ.

හෙන්රි පේද්‍රිස් ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගෙන තිබේ.

නවෝද්‍යා පවනි