සිරගතව සිටින පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් සිදු කළ යුතු ප්‍රකාශයක් , කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් ඉදිරිපත් කර ඇත.
ඛාන් අගෝස්තු මාසයේ සිට සිරකර තබා ඇති අතර, ඔහුට විරුද්ධව රහසිගත ලේඛන ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ද නඩු විභාග වෙමින් පවතී. මේ සම්බනධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ , පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තමා තරඟ කිරීම නැවැත්වීම සඳහා මෙම චෝදනා නගා ඇති බවයි.
ඔහුගේ Pakistan Tehreek-e-Insaf (PTI) පක්ෂය විසින් මිනිත්තු හතරක පණිවිඩයක් සෑදීමට කෘතිම බුද්ධිය භාවිතා කළේය. ඛාන්ගේ අන්තර්ජාල වාරණය නිරීක්ෂණය කරන NetBlocks හී අන්තර්ජාල බාධා කිරීම් නොතකා ඉරිදා සිට සඳුදා දක්වා සමාජ මාධ්‍යවල “අථත්‍ය රැලියක්” ක්‍රියාත්මක විය.
PTI පැවසුවේ ඛාන් ඔහුගේ කතා විලාසයට සමානව සකස් කරන ලද කෙටිකතා පිටපතක් නීතිඥවරුන් හරහා යවා ඇති බවයි. පවතින කථන සාම්පල වලින් "සජීවී හඩ" සෑදීමේ හැකියාව පිළිබදව පවසන AI සමාගමක් වන ElevenLabs විසින් , මෙම හඩ මෙවලමක් භාවිතයෙන් ශ්‍රව්‍ය බවට පරිවර්තනය කරන ලදී.
“මගේ සහෝදර පකිස්ථානුවනි, මෙම ඓතිහාසික ප්රයත්නය සඳහා මම මුලින්ම සමාජ මාධ්‍ය කණ්ඩායමට ප්‍රශංසා කිරීමට කැමතියි. සමහරවිට ඔයාලා හැමෝම හිතනවා ඇති මම හිරේ ඉන්නේ කොහොමද කියලා, නමුත් සැබෑ නිදහස සඳහා මගේ අධිෂ්ඨානය ඉතා ශක්තිමත් ." යනුවෙන් ඛාන් අනුකරණය කරන AI හඬ පැවසීය.
PTI හි ආධාරකරුවන් විසින් ෆේස්බුක්, X සහ යූ ටියුබ්, පැය පහක සජීවී කතා ප්‍රවාහයක් අවසානයේ ශ්‍රව්‍ය විකාශනය කරන ලද අතර,
ඛාන්ගේ ඓතිහාසික දර්ශන සහ නිශ්චල රූපවලින් එය සමන්විත විය.
PTI පුවත් සේවය, එය එක් කාලීන ක්‍රිකට් තරුවගේ පැරණි කථා වල අව්‍යාජ වීඩියෝ දර්ශන සදහා වෙන් කර ඇත. නමුත් එහි “ඉම්රාන් ඛාන්ගේ සටහන් මත පදනම් වූ AI කටහඬ” ලෙස සදහන් වූ සිරස්තලයක් දිස් විය.
වසර පහකට පෙර තම පක්ෂය බලයට ගෙන ගිය තරුණ ප්‍රේක්ෂකයින් ඉලක්ක කිරීමට යෙදුම් භාවිතා කරමින් , සමාජ මාධ්‍යවල විභවයන් පුළුල් ලෙස භාවිතා කළ පාකිස්තානයේ පළමු දේශපාලන පක්ෂය PTI විය.
"ඉම්රාන් ඛාන් නොමැතිව PTI දේශපාලන රැලියක් සම්පූර්ණ නොවේ" යැයි PTI සමාජ මාධ්‍ය ප්‍රධානී Jibran Ilyas පැවසුවේය.
රාජ්‍ය වාරණයන් විසින් මැයි මාසයේදී ඛාන් මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු , කෝලාහල ඇති වූ අතර, මේ වසර මුලදී ඔහුට සමාජ මාධ්‍ය පචාරණ කටයුතු තහනම් කළේය.
NetBlocks පැවසුවේ ඛාන් ඉලක්ක කර ගත් “අන්තර්ජාල වාරණ” සිදුවීමක් හේතුවෙන්, ඉරිදා දිනයේ දී පැය හතක් පමණ සමාජ මාධ්‍ය සීමා කර ඇති බවයි. එසේ වුවද, මෙම රැලිය Facebook, X සහ YouTube හරහා මිලියන 4.5කට වැඩි පිරිසක් විසින් නරඹා ඇත.
මාධ්‍ය සේවකයෙකු වන හුසේන් ජාවෙඩ් අෆ්රෝස් ඩිජිටල් ක්‍රමයට ඉදිරිපත් කරන ලද දේශනය අගය කළේය. 42 හැවිරිදි ඔහු පැවසුවේ “PTI සිදුකලාක් මෙන් වෙනත් කිසිදු පක්ෂයක් තාක්ෂණය භාවිතා නොකල බවයි. "මේවා නව මෙවලම්, ඒ නිසා මම හිතන්නේ ඒවා භාවිතා කිරීම ධනාත්මක දෙයක්."යැයි ඔහු පැවසීය.
නායකයන් ලෙස පෙනී සිටීමට , වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමට කෘතිම බුද්ධිය භාවිතා කළ හැකි බවට විශ්ලේෂකයින් දිගු කලක් මුළුල්ලේ අනතුරු අඟවා ඇත. නමුත් රාජ්‍ය මර්දනයෙන් මිදීමට තාක්ෂණය භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව පවසා නැත.
අතිශය ජනප්‍රිය චරිතයක් වූ ඛාන් පසුගිය වසරේ නෙරපා හරින ලද්දේ පකිස්තානයේ හමුදා නායකයින් සමඟ ඇති වූ විරසකයෙන් පසුවය. 2018 දී ඔහු බලයට පත්වීමට යම් යම් බලපෑම් කළ බවට වන චෝදනා සදහා විශ්ලේෂකයෝ එකඟ වෙති.
ඉන් පසුව, ඔහුව නෙරපා හැරීමට එක්සත් ජනපදය සමඟ කුමන්ත්‍රණ කළ බවට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔහුට ඝාතන උත්සාහයක් සැලසුම් කළ බවට චෝදනා කරමින් ඔහු පෙර නොවූ විරූ ආකාරයේ විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවීය.
මැයි මාසයේදී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ඉතිහාසයේ අඩකට වඩා පකිස්ථානය පාලනය කර ඇති මිලිටරි පාලනයේ දැවැන්ත මර්දනයකට PTI ලක් වී ඇත.
පෙබරවාරි 8 වැනිදා මැතිවරණය පැවැත්වෙන බව පාකිස්තාන මැතිවරණ කොමිසම සිකුරාදා තහවුරු කළේය.
ඛාන් PTI පක්ෂයේ ප්‍රධානියා ලෙස තවමත් හදුන්වනු ලබයි.
0 Comments