india-water-issue-thelanagana

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රදේශයේ  පානීය ජලය සම්බන්ධයෙන් ගැටුමක් මතුවී තිබේ. මේ දිනවල මැතිවරණයක් පැවැත්වෙන අතර මැතිවරණයට යාමට පැය කිහිපයකට පෙර, ආන්ද්‍ර ප්‍රදේශ් නාගර්ජුන සාගර වේල්ලෙන් ජලය මුදා හැරීම බලධාරීන් ආරම්භ කළ අතර එය ප්‍රාන්ත දෙක අතර ආතතීන්ට ගැටුමකට තුඩු දී ඇත.
ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්ත වාරිමාර්ග අමාත්‍ය අම්බති රම්බාබු බ්‍රහස්පතින්දා උදෑසන X හි පණිවිඩයක් පළ කරමින් කියා සිටියේ “අපි පානීය ජල අවශ්‍යතා සඳහා ක්‍රිෂ්ණා ගඟේ නාගර්ජුනසාගර් දකුණු ඇළෙන් ජලය මුදා හරිමු,” යනුවෙනුයි.
එහෙත් ඔවුන් ලබාගෙන ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා අතර ගිවිසුමට අනුව ප්‍රාන්තයට අයත් ජලය පමණක් බව අමාත්‍යවරයා එහිදී පැහැදිලි කර ඇත.
ක්‍රිෂ්ණා ජලයෙන් 66%ක් ආන්ද්‍රා ප්‍රදේශ්වලට සහ 34%ක් තෙලන්ගානාවලට අයිති බවත් ඔහු කියයි.


උද්ඝෝෂකයින් තර්ක කරන්නේ තමන්ට අයත් ජලය ඡන්ද අවශ්‍යතාවයට වෙනත් අයට පවරා ඇති බවකි.
ආන්ද්‍රා ප්‍රදේශයේ සන්නද්ධ පොලිස් භටයන් 500ක් පමණ නාගර්ජුන සාගර් වේල්ලට පැමිණ CCTV කැමරාවලට හානි කර ඇති බව වාර්තාවේ.
ආන්ද්‍රා ප්‍රදේශ් විසින් සිදු කරන ලද මෙම පියවර පසුව තෙලන්ගානා ප්‍රාන්තයේ "නීතිය හා සාමය පිළිබඳ ගැටළු" ඇති කර  ඇත

ලේකම්වරිය ප්‍රකාශ කලේ ප්‍රාන්ත සභා මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කරමින් සිටියදී, හයිද්‍රාබාද් සහ ඒ අවට ප්‍රදේශවල කෝටි දෙකක ජනතාවගේ පානීය ජල සැපයුමට එය බරපතල ලෙස බාධා කරනු ඇති බවයි.