ingiriya-incident

කාන්තාවන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස එක් කාන්තාවකගේ ශරීරයට උණු කළ ඉටි වත්කර ඇයට තුවාල සිදු කිරීමේ චෝදනාව මත ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක් ඉංගිරිය පොලිසිය  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉංගිරිය පදිංචි 42 හැවිරිදි කාන්තාවක වන අතර, සැකකාරියගේ නිවෙසට යාබද පිහිටි නිවාසයේ අසල්වැසියන් සමග ඇති කරගත් ආරවුලක් සිද්ධියට මුල්ව ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.

මෙම නිවාස දෙකේ පදිංචි සාමාජිකයන් අතර පෞද්ගලික ගැටලුවක් මුල්කර ගනිමින් දීර්ඝ කාලයක සිට විවිධ හැලහැප්පීම් සිදුව ඇති බවත්, සිද්ධිය සිදු වූ දින පාන්දර 5ට පමණ සැකකාරිය උණු කළ ඉටි අඩංගු භාජනයක් රැගෙනවිත් යාබද නිවසේ පදිංචි කාන්තාවට ඉන් පහර දී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත.මෙම කාන්තාවන් දෙදෙනාම එකම වයස් සීමාවේ පසුවන විවාහක තැනැත්තියන් බවත්, රත් වූ ඉටි ශරීරයේ ස්පර්ශ වීම නිසා විත්තිකාර කාන්තාවගේ දෑත් පිළිස්සී තුවාල සිදුව ඇති බවත්, ඇය ඉංගිරිය රෝහලෙන් ඊට ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

නිමාලි කහවල