israel-hamas-children

ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන්, ගාසා තීරයේ දරුවන් ලක්‍ෂ 10කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ් සංවිධානය පවසයි. හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි, ඊශ්‍රායල හමුදා, දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වලින් මියගිය පලස්තීන දරුවන් ගණන මේ වනවිට 5,000 පසු කර ඇති බවත්,

තවත් දහස් ගණනක් තුවාල ලබා ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

යුනිසෙෆ් සංවිධානයට අනුව,

අද වනවිට කුඩා දරුවකුට ජීවත් වීමට ලෝකයේ ඇති භයානකම ස්ථානය ගාසා තීරයයි. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරය අමු සොහොනක් වී ඇතැයි ද යුනිසෙෆ් සංවිධානය පවසා ඇත.ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත් වන ලෙස යුනිසෙෆ් සංවිධානය ඊශ්‍රායලයෙන් දිගින් දිගටම ඉල්ලා ඇත.

මේ අතර, ඊශ්‍රායල හමුදා ඊයේ (11) හමාස් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරන්නේ දකුණුදිග ගාසා තීරයේ හමාස් ඉලක්කවලටය.

ගත වුණු පැය 24 ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියන් 297 දෙනකු මියගිය බව පලස්තීන සෞඛ්‍ය අංශ පැවැසීය.පැය 24ක් ඇතුළත තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 550කි.