jerome-fernando-arrested

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී දේවගැති ජෙරම් ප්‍රනාන්දු  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වූ අතර පසුව කොටුව මහේස්තාත් අධිකරනයට ඉදිරිපත් කර දෙසැ 13 දක්වා රිමාන්ඩ් කර තිබේ.


පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇතිකිරීමේ චෝදනා යටතේ ඔහුට වරෙන්තු නිකුත්වූ අතර ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය මොහුට නියෝග කරනු ලැබුණි.


බුදුදහමට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදුකරත් ඔහු උසාවි කටයුතු සිදුවන අතර සිංගප්පූරුව වෙත ගොස් සිටියේය.
ආගමික අසමගිය ඇතිවන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පාර්ශව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත
පැමිණිලි කර තිබු අතර
අනතුරුව දේවගැතිවරයා ඉදිරිපත් කළ පෙත්සමකට අනුව අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
නොගන්නා ලෙසට හා ප්‍රහ්න කරන ලෙසටය.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු පෙරේදා දිවයිනට පැමිණි පසු පැය 48 ක් තුළ ප්‍රකාශයක් ලබාදෙන්නට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණි.


ඒ අනුව ඊයේ පැය 10 ක් ප්‍රකාශයක් ලබාදී එහි ඉතිරි කොටස අද ලබාදෙන්නට ගිය අවස්ථාවේ ඔහු අත්අඩංගුවට පත්විය.