jn1-covid-india

මේ වන විට ඉන්දියාව පුරා සැලකිය යුත් ලෙස නව කොවිඩ් රෝගීන් වාර්තා වීමට පටන් ගෙන ඇත. විශේෂයෙන් දකුණු දිග කේරළයේ මෙම වර්ධනය දක්නට ඇත.ප්‍රාන්තයේ දැනට Covid-19 ක්‍රියාකාරී රෝගීන් 1,324 ක් සිටින අතර සෙනසුරාදා රෝගයෙන් මරණ හතරක් වාර්තා වී ඇත.
එසේ හෙයින්  ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ජනතාවගෙන් එරට බලධාරීන් විමසිලිමත්ව කටයුතු කරන  ලෙස  ඉල්ලා ඇත.


අලුතින් ව්‍යාප්ත වන කොවිඩ්-19 හි උප ප්‍රභේදයක් වන JN.1 හඳුනා ගෙන තිබෙන අතර එය මීට පෙර එක්සත් ජනපදය හා චීනය ඇතුළු රටවල් කිහිපයකින් සොයාගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ සියලුම අනුමත Covid-19 එන්නත් JN.1 ට එරෙහිව දිගටම ආරක්ෂාව සපයන බවයි.

 JN.1 උප ප්‍රභේදය මේ මස මුලදී කේරළයේ RT-PCR පරීක්ෂණ සාම්පලයකින් සොයා ගන්නා ලද බව නිලධාරීන්  පවසා ඇත. ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පැවසුවේ බිය විය යුතු නැති බවත් තත්ත්වය පාලනය කර ඇති බවත්ය.



 ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගයක මෘදු රෝග ලක්ෂණ මෙම රෝගින් වෙතින් පෙන්නුම් කර ඇත.
මාස කිහිපයකට පෙර, සිංගප්පූරු ගුවන් තොටුපලේදී පරීක්ෂාවට ලක් කළ ඉන්දියානුවන් කිහිප දෙනෙකු තුළද  මෙම ප්‍රභේදය අනාවරණය වී ඇත.
කේරළයේ අසල්වැසි ප්‍රාන්ත වන කර්නාටක සහ තමිල්නාඩුවද පවසන්නේ ප්‍රාන්තයේ ඉහළ යන රෝගීන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි.