ඉන්දි­යාවේ හිස ඔස­ව­මින් තිබෙන JN.1 කොවිඩ් නව ප්‍රභේ­දය හේතු­වෙන් ඊයේ උදෑ­ස­නින් අව­සන් වූ පැය 24 ඇතු­ළත නව රෝගීන් 529ක් වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර තිබේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යා­වක් කේරළ ප්‍රාන්ත­යෙන් වාර්තා වී ඇතැයි ද,

කර්ණා­ටක සහ ගුජ­රාට් ප්‍රාන්ත­ව­ලින් කොවිඩ් මරණ තුනක් ද වාර්තා වී ඇතැයි ද එරට මාධ්‍ය සඳ­හන් කළේය. මේ තත්ත්වය මත කොවිඩ් පොසි­ටිව් රෝගීන්ට සති­යක නිරෝ­ධා­යන කාල­සී­මා­වක් අනි­වාර්ය කිරී­මට කර්ණා­ටක ප්‍රාන්ත රජය පිය­වර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. නව­තම රෝගීන් සංඛ්‍යා­වත් සමඟ ඉන්දි­යාවේ සක්‍රීය කොවිඩ් රෝගීන්ගේ ප්‍රමා­ණය හාර­ද­හස ඉක්මවා ඇතැයි ද වාර්තා වේ.

මේ අතර මීට පෙර JN.1 කොවිඩ් නව ප්‍රභේ­දය ආසා­දිත රෝගීන් වාර්තා නොවූ නව­දි­ල්ලිය සහ මහා­රාෂ්ට්‍ර ප්‍රන්තව­ලින් ද පෙරේදා කොවිඩ් ආසා­දි­ත­යන් හඳුනා ගෙන ඇති අතර, සියලු පළා­ත්ව­ලින් වාර්තා වන කොවිඩ් ආසා­දි­ත­යන් දැඩි ලෙස අධී­ක්ෂ­ණය කරන ලෙස මධ්‍යම රජය ප්‍රාන්ත සෞඛ්‍ය බල­ධා­රීන්ට උප­දෙස් සපයා ඇතැයි ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය