ලොව අංක එකේ පොප් සංගීත කණ්ඩායමක් වන BTS හි සාමාජිකයින් හමුදා සේවයට බැදීම පිළිබද පුවතක් වාර්ථා වෙයි.
අඟහරුවාදා දිනයේ දී,  ප්‍රධාන ගායන ශිල්පී Jung Kook  සහ ඔහුගේ සෙසු K-pop සංගීත කණ්ඩායමේ සාමාජිකයින් හමුදා සේවයට බඳවා ගත් බව වාර්තා විය. එය වයස අවුරුදු 18-28 අතර සිටින සියලුම දකුණු කොරියානු පිරිමින්ගේ අවශ්‍යතාවයකි.

මීට සති හතරකට පෙර, Jung Kook  විසින් නිව් යෝර්ක් හි දී ඔහුගේ ඒකල ප්‍රසංගයක් පැවැත්වීය. පසුගිය සති කිහිපය තුළ, ඔහු Justin Timberlake සහ Usher සමඟ සහයෝගීතා ගීත කිහිපයක්ද නිකුත් කළේය. ඔහුගේ මංගල ඇල්බමය 'ගෝල්ඩන්' ප්‍රස්ථාර කිහිපයකම අංක එක බවට පත් වූ අතර,  ඔහුගේ ජනප්‍රිය ගීතය වන Standing Next to You සඳහා වූ නර්තනය ටික්ටොක් හී ප්‍රවණතාවක් බවට ද පත්ව ඇත.
<

br />නිව් යෝර්ක් හි පැවති ප්‍රසංගයන්ගේ උතකර්ෂයට පත් වෙමින් සිටියදී  , ඔහුට  නැවත සෝල් වෙත පැමිණීමට සිදු විය. එසේ පැමිණ දින කිහිපයකට පසු, 26 හැවිරිදි Kook   සහ තවත් BTS සාමාජිකයින් තිදෙනෙකු,  සජීවී වීඩියෝවක් පළ කරමින් රසිකයන්ට පැවසුවේ, තමාට  හමුදා රාජකාරිය අනුගමනය කිරීමට කාලය පැමිණ ඇති බවයි.

දකුණු කොරියාව තවමත් එහි සතුරු රටක් වන අසල්වැසි උතුරු කොරියාව සමඟ තාක්‍ෂණිකව යුද්ධයක යෙදී සිටින බැවින්, බොහෝ පිරිමින්ට හමුදාවේ මාස 18 ක කාලයක් ගත කිරීමට සිදුවේ. නමුත් දකුණු කොරියාවේ වඩාත්ම ප්‍රසිද්ධ  BTS ද, හමුදාවේ සේවය කළ යුතුද යන්න පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ විවාදයක් පැවතුනි.



ඔලිම්පික් පදක්කම්ලාභීන්ට සහ ශාස්ත්‍රීය සංගීතඥයින් මීට පෙර හමුදා සේවයෙන් නිදහස් කර තිබූණි.  2020 දී, දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් BTS හට වයස අවුරුදු 30 දක්වා ඔවුන්ගේ අනිවාර්ය හමුදා සේවය ප්‍රමාද කිරීමට ඉඩ සලසන පනත් කෙටුම්පතක් සම්මත කළේය.

එවකට රජයේ අමාත්‍යවරුන් ඇතුළු සංගීත කණ්ඩායමේ ආරක්ෂකයින් තර්ක කළේ කොරියාවේ විශාලතම පොප් තරු දැනටමත් ඩොලර් බිලියන ගණනක් උපයාගෙන තම රටට සේවය කර ඇති බැවින්, ඔවුන්ට ඔවුන්ගේ ගායන ලෝකයේ  දිගටම සිටීමට ඉඩ දිය යුතු බවයි.

නමුත් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී, ඔවුන්ගේ නියෝජිතායතනය වන  BigHit Music විසින් ,  Jung සහා අනෙකුත් සාමාජිකයින් හත් දෙනාම හමුදා වගකීම ඉටු කරන බව තහවුරු කළේය.