kadugannawa-incident

“මගේ පුතා ඔය බැම්ම හදන තැන එක දව­සයි වැඩට ගියේ.එදාම තමයි පුතාට මේ දේ සිද්ධ වුණේ.එයා නැතිව අපට ඉඳල වැඩක් නෑ” කඩු­ග­න්නාව හේනා­වල රෝහල් පරි­ශ්‍රයේ අත්ති­වා­ර­මක් කප­මින් සිටි­යදී ඒ අසල තිබුණු ගල් බැම්ම­කට යට වීමෙන් අවා­ස­නා­වන්ත අන්ද­මින් මිය­ගිය උඩු­නු­වර ඇල්පි­ටි­කන්ද අංක 17, බඹ­ර­ගහ ඇල්ල ලිපි­නයේ පදිං­චිව සිටි රංජිත් අබේ­රත්න(33) නමැති එක්දරු පියාගේ මව වන ලීලා­වති මැණිකේ (60) මහ­ත්මිය තම පුතුගේ අකල් වියෝව දරා ගත නොහැ­කිව හඬා වැල­පෙ­මින් අප සමඟ කියා සිටි­යාය.

එහිදී වැඩි­දු­ර­ටත් ලීලා­වති මහ­ත්මිය මෙසේ ද පැව­සු­වාය. “මගේ පුතා ගමේ හැම කෙනා එක්කම බොහොම ළෙන්ග­තුව තමයි ජීවත් වුණේ. ගමේ හැම පොදු වැඩ­ක­ටම සහ­භාගි වුණා. පුතා අවු­රුදු 11ක්ම වැඩ කරන්නේ කෑගල්ලේ මාළු කඩේක. එදා හය වැනිදා පුතා ගෙදර හිටියේ. අපේ ගේ ළඟම තමයි නංගිගේ පුතා ඉන්නේ. එයා ඉස්පි­රි­තාලේ බැම්මක් හදන වැඩක් කෙරුවා.

ඒ පුතාගේ ඔළු­වට ගලක් වැටිලා තුවාල වෙලා හිටිය නිසා නංගිගේ පුතා අපේ ලොකු පුතාට කිවුවා අද පුළු­වන් නම් ඉස්පි­රි­තාලේ බැම්ම හදන තැන වැඩට යන්න කියලා. පස්සේ පුතා වැඩට ගියා. දවල් අපට ආරංචි වුණා පුතාට කර­ද­ර­යක් කියලා. මේ විදි­හට පුතා නැති වුණු එක අපි කොහො­මද දරා ගන්නේ. එයාට ඉන්නවා මාස තුනක පොඩි දරු­වෙක් .මගේ ලේලිත් අනාථ වුණා. අපිත් අනාථ වුණා. අපට කන්න බොන්න දුන්නේ මැරුණු ලොකු පුතා. අපට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන්න” මිය­ගිය රංජිත්ගේ බිරිය වන දිල්හානි කුමාරි මහ­ත්මි­යගේ මව වන කේ. ජී. කරු­ණා­වතී මහ­ත්මිය මෙසේ කියා සිටි­යාය.

“මම දුවට බබා ලැබෙන්න මාස දෙක­කට කලින් ඉඳන් බෑනාගේ ගෙදර තමයි හිටියේ. දුවගේ හිසේ ඔප­රේ­ෂන් එකක් කෙරුවා. අවු­රුදු 10කට විතර ඉස්සර. එදා පටන් එයා දිග­ටම බෙහෙත් බොනවා. බෙහෙත් නොබි­වු­වොත් එයාට පිට් එක හැදෙ­න­වයි කියා තිබෙ­නවා. බෑනාට වුණු දේ ගැන අපට හිතා ගන්න­වත් බැහැ .මගේ දුවයි දරු­වයි අනාථ වුණා”

මිය­ගිය රංජිත් වැඩ කළ තැන හෙඩ්බාස් විදි­හට වැඩ කර­මින් සිටි ඇල්පි­ටි­කන්දේ එල්. පී. ඩී. නිශාන්ත මෙසේ පැව­සීය.



“මම තමයි රංජිත් වැඩ කරපු තැන හෙඩ්බාස් විදි­හට වැඩ කළේ. මම රංජිත් නැති­වුණු 06දා වැඩට ගියේ නැහැ. ඊට කලින් දව­සෙත් වැඩට ගියා. මම 6 වැනිදා වැඩට ගියේ නැත්තේ රට යන්න අවශ්‍ය වැඩ වග­යක් තිබුණු නිසයි. මට මේ සිද්ධිය ආරංචි වුණු ගමන් මම එතැ­නට ගියා. අපි බැම්ම බඳින්න අඩි 40 ක් විතර දිග­ටම බේස් එක කපලා තිබුණා. ඒ අසල තිබුණු පරණ ගල් බැම්මේ අන්තිම කොටස හරි­යේදි තමයි මේ දේ වෙලා තියෙන්නේ. ගල්බැම්ම වැටිලා අපේ තව එක්කෙ­න­කුගේ උර­හිස තුවාල වෙලා තිබුණා”

මේ අවා­ස­නා­වන්ත සිදු­වීම වූ අව­ස්ථාවේ මිය­ගිය රංජිත් සමඟ වැඩ කළ අයකු වන නිපුන් ලක්ෂාන් මෙසේ පැව­සීය.” බැකෝ එකෙන් කපපු පස් ඉවත් කර­මින් මමයි රංජි අයි­යයි වළ ඇතුළේ හිටියේ. ඒ අතරේ කඩා වැටුණු බැම්ම උඩ හිටපු අපිත් එක්කම යනවා කියා වැඩ කරන අයෙක් කෑ ගහල කිවුවා . ඒත් එක්කම ගලක් ඇවිල්ලා මගේ උර­හිසේ වැදිලා මාව විසි වුණා. රංජි අයියා යට වුණා. පස්සේ අපි සෑහෙන මහ­න්සි­යක් දරා තමයි එයා ගොඩට ගත්තේ. එයා එදාම තමයි මෙතැන වැඩට ආවේ”

තුන්මස් වියැති තම කිරි­කැටි පුතාත්, බිරි­යත් ඔවුන් දෙදෙ­නාගේ සෙව­ණැල්ල මෙන් ළඟ සිටි මවත් තනි­කර දමා රංජිත් මෙලොව හැර ගොසින්ය. රංජිත්ගේ මව හඬා වැල­පෙ­මින් කියා සිටියේ තමන්ට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන ලෙසය. රංජිත්ගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු 08 වනදා පස්ව­රුවේ ඇල්පි­ටි­කන්ද පොදු සුසාන භූමි­යේදි සිදු කෙරිණි.

එස්.ජී.විජේ­රත්න