kahata-gas-digiliya-incident

ඇසක ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා කහටස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි කාන්තාවකට රෝහල් සේවකයකු ලෙස පෙනී සිට උදව් කරන බව පවසමින්, ඇයගේ රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ වටිනා රන් ආභරණ වංචනික ලෙස කොල්ලකා පුද්ගලයකු පලාගොස් ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි. කහටගස්දිගිලිය මූකිරියාව ප්‍රදේශයේ පදිංචි, 64 හැවිරිදි කාන්තාවක මේ පිළිබඳව කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව පොලීසිය කියයි. පැමිණිලිකාරිය ඇසේ ආබාධයකට ලක්ව ප්‍රතිකාර ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ, ඇස් වාට්ටුව සොයා ගැනීමට නොහැකිව රෝහල් භූමියේ

එහා මෙහා ගමන් කර ඇති බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී පැමිණිලිකාරිය අසලට පැමිණි පුද්ගලයකු, තමා රෝහල් සේවකයකු බව පවසා හිතවත් වී, උදව් කිරීමට කැමැත්ත පළ කර, එම කාන්තාව රෝහලේ බාහිර රෝගී අංශය වෙත කැඳවාගෙන ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කරයි. සැකකරු එම කාන්තාව රෝහලේ බංකුවක් මත හිඳුවා, බෙහෙත් ලබා ගැනීමට තුණ්ඩුවක් රැගෙන ඒමට ගොස් නැවත පැමිණ, අංක 8 ලැබුණු බව පවසා, ඊට පෙර ඇසේ ‘එක්ස්ගේ‍් එකක් ලබා ගෙන පැමිණෙන ලෙසට ඇයට දැන්වූ බව ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

අනතුරුව ඇය බාහිර රෝගී අංශයේ උඩු මහලේ කාමරයක් අසලට කැඳවාගෙන ගිය සැකකරු කාමරයට ගොස් පැමිණ, ‘XRay’ ලබාගැනීමට පැළඳ සිටින සියලු ආභරණ ගලවා බෑගයට දමා ගන්නා ලෙසට පැවැසූ බව ද පැමිණිල්ලේ සඳහන් වේ. පසුව සැකකරු රන් බඩු දැමූ බෑගය ද ර

ැගෙන කාන්තාව කාමරයට ඇරලවන මුවාවෙන් පිටුපසින් ගොස්, රන් භාණ්ඩ දැමූ බෑගය රැගෙන පලාගොස් ඇති බව පොලීසිය කියයි.  කාන්තාව පැළඳ සිටි රන් කරාබු ජෝඩුව, රන් මාලයක් සහ රන් මුදුවක් මෙලෙස රැගෙන පලාගොස් ඇති බවත්, එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් දෙලක්ෂ හතළිස් පන්දහසක් පමණ බවත් පැමිණිල්ලේ සඳහන් වේ. අනුරාධපුර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
බී.ජී. චතුරංග