kahawatte-murder-daughter-remand

කහවත්ත වැල්ලදුර වෙලේවත්ත ප්‍රදේශයේ තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ බාල දියණිය ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා පෙරේදා (16) නියම කළේය.

මෙලෙස ඝාතනයට ලක්වූයේ වැල්ලදුර වෙලේවත්ත පදිංචි විනීතා ජයසුන්දර (71) නමැති තිදරු මවකි.තියුණු ආයුධයකින් සිදු කළ කැපීම් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. හැත්තෑ එක් හැවිරිදි එම කාන්තාව මෙම සැකකාර දියණිය සමඟ නිවසේ ජීවත්වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.ස

ැකකාරිය 38 වැනි වියේ පසුවන අවිවාහක කාන්තාවක වන අතර ඇය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරයි.

සැකකාරිය රැකියාවට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ තම මව කපා ඝාතනය කර නිවසේ පිටුපස දමා ඇති අයුරු දැක ඇති බව පොලිසියට පවසා ඇතැයි කියති. ඇයගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සැක සිතූ පොලිසිය වැඩිදුර පරීක්ෂණ කර ඇය පෙරේදා (15) අලුයම අත්අඩංගුවට ගෙන සැකකාරිය එදින කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට වාර්තා කර ඇත්තේ පෙරවරු 11ට පමණ බවත් ඇය පස්වරු 3.30 පමණ වනවිට යළි නිවසට පැමිණ ඇති බවත් අනාවරණය වී ඇත.

එදින ඇය යතුරුපැදියෙන් ගමන් කළ වේලාවන්ද ආරක්ෂිත කැමරා දර්ශන මගින් නිරීක්ෂණය කළ බව පොලිසිය පවසයි.

සකකාර තරුණිය වැල්ලදුර නගරයේ සිට කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උදේ 11ට පමණ සේවයට යද්දී විනාඩි හයක පමණ කාලයක් ගත වී ඇතැයිද එහෙත් පස්වරුවේ පැමිණෙද්දී ඇයට විනාඩි 15ක් පමණ ගත වී ඇතැයි පොලිසිය පවසයි.ඝාතනය සිදුවූ නිවසේ කොටසක් සෝදා දැමීම,

ඝාතනය සිදු වූ ස්ථානයේ තිබී හමුවූ කාන්තා ඔරලෝසුව සහ එහි තිබූ රුධිර පැල්ලමද විමර්ශනවලදී අවධානයට ලක්කර ඇත.රත්නපුර නිල පොලිස් සුනඛ කොට්ඨාසයේ මාෂිට එම ඔරලෝසුව ඉව කිරීමට සලස්වා ඇති අතර මාෂි නිවස තුළම සැරිසරා තිබීමද සැකයට හේතුව බව පොලිසිය පවසයි.මවගේ ඝාතනය සිදු කළ බවට සැකකර දියණිය පොලිසියට ප්‍රකාශයක්දී නැතැයිද පොලිසිය කියයි. පොලිසිය ඇයගෙන් පැය පහක් පමණ ප්‍රශ්න කර ඇත.

 ඉන්දික නිරෝෂණ