kandy-police-nabbed-couple-video

පාසල් සිසුන් ලෙස සුදු ඇඳු­මින් සැරසී ලිංගික ක්‍රියා සිදු කර­මින් ඒවා වීඩි­යෝ­ගත කර අන්ත­ර්ජාල වෙබ් අඩ­වි­ය­කට මුදා­හ­රි­මින් මුදල් උප­ය­මින් සිටි විශ්ව­වි­ද්‍යාල සිසු­වකු සහ සිසු­වි­යක කඩු­ග­න්නාව පොලි­සියේ නිල­ධා­රින් විසින් පිළි­ම­ත­ලාවේ ලැගු­ම්හ­ලක රැඳී සිටි­යදී පෙරේදා (12) අත්අ­ඩං­ගු­වට ගැණින.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මහ­නු­වර පිළි­ම­ත­ලාව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින 29 හැවි­රිදි පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ල­යක මෘදු­කාංග ඉංජි­නේරු උපාධි අපේ­ක්ෂ­ක­යකු හා රුව­න්වැල්ල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින රජයේ විශ්ව­වි­ද්‍යා­ල­යක ඉගෙ­නුම ලබන 27 හැවි­රිදි වෝහා­රික වෛද්‍ය පීඨයේ උපාධි අපේ­ක්ෂි­කා­වක බවත් පොලි­සිය සඳ­හන් කරයි.



මොවුන් දෙදෙනා ලැගු­ම්හ­ලට පැමිණ ඇත්තේ ද එහි සිට ලිංගික ක්‍රියා­කා­ර­ක­ම්වල නිරත වන අත­ර­තුර ඒවා වීඩි­යෝ­ගත කිරී­මට බව විම­ර්ශ­න­යේදී හෙළි වී ඇත. ඔවුන් දෙදෙනා රට පුරා විවිධ ප්‍රදේ­ශ­වල සැරි­ස­ර­මින් පාසල් සිසුන් මෙන්ම විවිධ වෘත්තීන්හි නිර­ත­ව­න්නන් ලෙස පෙනී සිටි­මින් වීඩියෝ දසුන් ලබා ගෙන ඒවා සංස්ක­ර­ණය කර අන්ත­ර්ජා­ල­යට මුදා හරින බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෙම සර­සවි සිසුන් දෙදෙනා අසභ්‍ය දර්ශන අන්ත­ර්ජා­ල­යට මුදා හැරීම තුළින් මස­කට ලක්ෂ­ය­කට වැඩි ආදා­යම් උපයා ගන්නා බවත් ඒ අය පිළි­ම­ත­ලාවේ ලැගු­ම්හ­ලක රැඳී සිටින බව­ටත් කඩු­ග­න්නාව පොලි­සි­යට පෙරේදා (12) තොර­තු­රක් ලැබී ඇත.

ඒ බව මහ­නු­වර පොලිස් නිල­ධා­රින් කණ්ඩා­ය­මක් පිළි­ම­ත­ලාවේ ලැගු­ම්පො­ළට ගොස් වැට­ලීම කර තිබේ.

උපාධි අපේ­ක්ෂිත ශිෂ්‍යයා හා ශිෂ්‍ය­යාව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එහිදී බව පොලි­සිය කියයි.

ලැගු­ම්හලේ ඔවුන් රැඳී සිටි කාම­රයේ තිබී පාසල් සිසු­වි­ය­කගේ සුදු පැහැති නිල ඇඳු­මක් ද පොලි­සි­යට එහිදී හමු වී ඇත. ඔවුන් දෙදෙනා ලිංගි­කව හැසි­රෙන විට ඒ දේවල් වීඩි­යෝ­ගත කර ඇත්තේත් එම දර්ශන සංස්ක­ර­ණය කර අන්ත­ර්ජා­ල­යට මුදා හැර ඇත්තේත් ලැප්ටොප් පරි­ග­ණ­ක­යක් මඟිනි. එම පරි­ග­ණ­කය ද පොලි­සිය සොයා­ගෙන ඇත. ඒ හැරුණු කොට පරි­ග­ණ­ක­යට සවි කරන තවත් උපාංග කිහි­ප­යක් ද පොලි­සිය සිය භාර­යට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා විසින් අන්ත­ර්ජා­ල­යට මුදා හැර ඇති අසභ්‍ය දර්ශන ලක්ෂ 87කට වැඩි පිරි­සක් නරඹා ඇති බව ද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර ශිෂ්‍යයා හා ශිෂ්‍ය­යාව ඊයේ (13) මහ­නු­වර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රුපි­යල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.