karnataka-incident
ඉන්දි­යාවේ කර්ණා­ටක ප්‍රාන්තයේ තරු­ණ­යකු විවාහ ගිවි­ස­ගෙන සිටි තරු­ණි­යක සමඟ පැනයෑමෙන් කෝප­යට පත් එම තරු­ණි­යගේ ඥාතින් තරු­ණ­යාගේ මව නිරු­වත් කර පහර දී මහ මාර්ගයේ විදුලි කණු­වක ගැට ගසා ප්‍රද­ර්ශ­නය කිරීමේ සිදු­වී­මක් සම්බ­න්ධව පුද්ග­ල­යන් අට­දෙ­නකු අත්අ­ඩං­ගු­වට ගත් බව ප්‍රාන්ත පොලි­සිය ප්‍රකාශ කර තිබේ. ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරන්නේ පසු­ගිය 11 වැනිදා මේ සිදු­වීම වාර්තා වූ බවය. විවාහ ගිවි­ස­ගෙන සිටි 18 හැවි­රිදි තරු­ණිය සහ 24 හැවි­රිදි එම තරු­ණයා අතර කාල­යක් තිස්සේ පෙම් සම්බ­න්ධ­තා­වක් පැවැති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. තරු­ණි­යගේ පැනයෑමට පළි ගැනී­මක් ලෙස තරු­ණ­යාගේ මව මේ සිදු­වී­මට ගොදු­රුවී ඇතැයි ද, ඒ සම්බ­න්ධව කර්ණා­ටක

ප්‍රාන්තයේ කාන්තා අයි­ති­වා­සි­කම් පිළි­බඳ සංවි­ධාන රැසක් පසු­ගි­යදා විරෝ­ධ­තා­වක නිරත වී ඇතැයි ද එරට මාධ්‍ය සඳ­හන් කළේය. තරුණ යුවළ පැන යෑමෙන් පසු එම තරු­ණ­යාගේ නිව­සට කඩා පැන නිවෙසේ ගෘහ භාණ්ඩ­ව­ලට ගිනි තැබී­මෙන් පසු තරු­ණ­යාගේ මව වන 42 හැවි­රිදි කාන්තාව බල­හ­ත්කා­ර­යෙන් රැගෙන ගිය තරු­ණි­යගේ ඥාතීන් පිරි­සක් මේ ක්‍රියාව සිදු­ කළ බවට පොලි­සි­යට තොර­තුරු ලැබී තිබිණි.


ඉන්දි­යාවේ කර්ණා­ටක ප්‍රාන්තයේ තරු­ණ­යකු විවාහ ගිවි­ස­ගෙන සිටි තරු­ණි­යක සමඟ පැනයෑමෙන් කෝප­යට පත් එම තරු­ණි­යගේ ඥාතින් තරු­ණ­යාගේ මව නිරු­වත් කර පහර දී මහ මාර්ගයේ විදුලි කණු­වක ගැට ගසා ප්‍රද­ර්ශ­නය කිරීමේ සිදු­වී­මක් සම්බ­න්ධව පුද්ග­ල­යන් අට­දෙ­නකු අත්අ­ඩං­ගු­වට ගත් බව ප්‍රාන්ත පොලි­සිය ප්‍රකාශ කර තිබේ. ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරන්නේ පසු­ගිය 11 වැනිදා මේ සිදු­වීම වාර්තා වූ බවය. විවාහ ගිවි­ස­ගෙන සිටි 18 හැවි­රිදි තරු­ණිය සහ 24 හැවි­රිදි එම තරු­ණයා අතර කාල­යක් තිස්සේ පෙම් සම්බ­න්ධ­තා­වක් පැවැති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.




තරු­ණි­යගේ පැනයෑමට පළි ගැනී­මක් ලෙස තරු­ණ­යාගේ මව මේ සිදු­වී­මට ගොදු­රුවී ඇතැයි ද, ඒ සම්බ­න්ධව කර්ණා­ටක ප්‍රාන්තයේ කාන්තා අයි­ති­වා­සි­කම් පිළි­බඳ සංවි­ධාන රැසක් පසු­ගි­යදා විරෝ­ධ­තා­වක නිරත වී ඇතැයි ද එරට මාධ්‍ය සඳ­හන් කළේය. තරුණ යුවළ පැන යෑමෙන් පසු එම තරු­ණ­යාගේ නිව­සට කඩා පැන නිවෙසේ ගෘහ භාණ්ඩ­ව­ලට ගිනි තැබී­මෙන් පසු තරු­ණ­යාගේ මව වන 42 හැවි­රිදි කාන්තාව බල­හ­ත්කා­ර­යෙන් රැගෙන ගිය තරු­ණි­යගේ ඥාතීන් පිරි­සක් මේ ක්‍රියාව සිදු­ කළ බවට පොලි­සි­යට තොර­තුරු ලැබී තිබිණි.