kataragama-gold-plate-missing

ඓති­හා­සික කත­ර­ගම දේවා­ල­යට බැති­ම­තකු විසින් පූජා කරන ලද රන් තැටිය අස්ථා­න­ගත වීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා ඊට වග­කි­ව­යුතු සැක­ක­රු­වන් සිටී නම් අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නීති­ප­ති­ව­රයා විසින් කොළඹ අප­රාධ කොට්ඨා­සය වෙත දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳ­හන් කරයි.

මීට වසර කීප­ය­කට ඉහ­තදී පවුම් තිහක (ග්‍රෑම් 240) බර ප්‍රමා­ණ­ය­කින් යුත් රන් තැටි­යක් බැති­ම­තකු විසින් ප්‍රධාන කපු මහතා සේවාවේ යෙදී සිටි­යදී පූජා කර තිබූ අතර එය අස්ථා­න­ගත වී ඇති බව කත­ර­ගම බස්නා­යක නිල­මේ­ව­රයා විසින් කොළඹ අප­රාධ කොට්ඨා­සය වෙත පැමි­ණිලි කර තිබිණි. එම විම­ර්ශන ආරම්භ කිරී­මත් සම­ඟම බැති­මතා විසින් පූජා කරන ලද රන් තැටි­යට සමාන ලෙස සැකසූ රන් තැටි­යක් දේවා­ලය වෙත තබා තිබිණි.



ඒ සම්බ­න්ධ­යෙන් කොළඹ අප­රාධ කොට්ඨා­සය මඟින් නීති­ප­ති­ව­ර­යාගේ උප­දෙස් ඉල්ලා ගොනු­වක් යොමු කර තිබිණි.

කොළඹ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරී නෙවිල් ද සිල්වා මහ­තාගේ උප­දෙස් මත ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඇන්ස­ලන්ද සිල්වා මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ඒකක එක ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක එස්.පී.ජී.ජේ. නිශාන්ත මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් පරී­ක්ෂණ පැවැ­ත්වී­මට නිය­මි­තය.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ