katunayake-two-businessman-nabbed


රුපි­යල් කෝටි­යක් වටිනා ලැප්ටොප් පරි­ග­ණක, ජංගම දුර­ක­තන සහ උපාංග ඇතුළු විද්‍යුත් සන්නි­වේ­දන උප­ක­රණ තොග­යක් තීරු­බදු නොගෙවා කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළෙන් පන්නා රැගෙන යමින් සිටි ව්‍යාපා­රි­ක­යන් දෙදෙ­නකු ගුව­න්තො­ටු­පොළ පොලි­සිය මඟින් පෙරේදා (12) පස්ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ.



මෙම ව්‍යාපා­රි­ක­යන් දෙදෙනා ගුව­න්තො­ටු­පොළේ ඇති සියලු පරී­ක්ෂණ ස්ථාන මඟ හැර නීති විරෝධී ලෙස භාණ්ඩ තොග­යක් ගුව­න්තො­ටු­පො­ළෙන් පිට­තට රැගෙන යමින් සිටින බවට කොට්ඨාස බුද්ධි අංශ­යෙන් ලද තොර­තු­ර­කට අනුව ගුව­න්තො­ටු­පොළ පොලි­සියේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු විශේෂ පොලිස් නිල­ධා­රින් පිරි­සක් විසින් කළ මෙහෙ­යු­ම­කට අනුව මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කර තිබේ.



ඔවුන් දෙදෙ­නාගේ ගම­න්ම­ලු­වල තිබී නීති විරෝ­ධීව මෙර­ටට රැගෙන ආ ලැප්ටොප් පරි­ග­ණක 17ක්, නවීන තාක්ෂ­ණික ජංගම දුර­ක­තන 47ක්, ලීටර 01 ප්‍රමා­ණයේ විස්කි බෝතල් 22ක්, ජේ.බී.එල්. සංගීත විකා­ශන පද්ධති 03ක්, ජංගම දුර­ක­තන ආරෝ­පණ (චාජර්) 200ක්, රැහැන් රහිත මයි­ක්‍ර­ෆෝන 03ක්, ආර­ක්ෂිත වර්ණ කැමරා පද්ධති 08ක්, ජංගම දුර­ක­තන උපාංග 55ක් සහ ජංගම දුර­ක­තන බැටරි 39ක් හමුවූ බව ගුව­න්තො­ටු­පොළ පොලි­සියේ ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය.

මෙම ව්‍යාපා­රි­ක­යන් දෙදෙනා සිය ගම­න්මලු තුළ මෙම විද්‍යුත් සන්නි­වේ­දන උප­ක­රණ තොගය සඟවා නොගෙන, ගුව­න්තො­ටු­පොළ භාණ්ඩ ප්‍රවා­හ­නය සඳහා ඇති Òට්‍රොලිÓ කරත්ත තුළ අසු­රා­ගෙන ගුව­න්තො­ටු­පො­ළෙන් පිට­තට පැමිණි බවත් එහිදී ඔහුව කොටු කර­ගෙන පරීක්ෂා කළ බවත් ගුව­න්තො­ටු­පොළ පොලි­සිය සඳ­හන් කළේය.



මෙම ව්‍යාපා­රි­ක­යන් දෙදෙ­නා­ගෙන් එක් අයකු 40 හැවි­රිදි මාතර, හක්මන ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි. අනෙක් ව්‍යාපා­රි­කයා 43 හැවි­රිදි කොළඹ, දෙහි­වල ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි.

ඔවුන් දෙදෙනා ඩුබායි සිට මෙර­ටට පැමිණි එමි­රේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යාන­යෙන් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 1025 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ තිබිණි.

මීග­මුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි අනු­රුද්ධ බණ්ඩා­ර­නා­යක සහ සහ­කාර පොලිස් අධි­කාරි ගාමිණි රත්නා­යක යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මැල්කම් පේත් මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ කටු­නා­යක පොලි­සියේ පාලන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පියල් ජීව­රත්න, පොලිස් සැර­ය­න්ව­රුන් වන (30220) පහ­ත්කු­ඹුර, (72059) උපුල්, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (86243) ලලිත් සහ (85188) දිලංක යන මහ­ත්වරු වැට­ලීම සිදු කළහ.

මෙම විද්‍යුත් සන්නි­වේ­දන උප­ක­රණ තොගය සමඟ ව්‍යාපා­රි­ක­යන් දෙදෙනා වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා ගුව­න්තො­ටු­පොළ රේගු නිල­ධා­රින් වෙත භාර දීමට පොලි­සිය පිය­වර ගෙන තිබිණි.