කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.වෙළඳ පොළේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ
නිර්දේශය පරිදි සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීම සඳහා මෙලෙස අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව දේශීය වෙළඳ පොළේ කිරි සම්බා සහල් සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරිත්වයක් ඇති කරමින් මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
නවෝද්‍යා පවනි
0 Comments