kelaniya-sequrity-personal-hospitalized

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ අද (4) පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසීය.



ඒ අනුව සියලුම සිසුන් නේවාසිකාගාරවලින් හෙට (5) පෙරවරු 8.00 ට පෙර ඉවත්විය යුතු බබත් නැවත දැනුම්දෙනතුරු එම විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ බාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර ඇති බවත් උපකුලපතිවරයා පවසයි.



කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි නිලධාරියෙක්ට පරදීමේ සිද්ධියට විනයානුකූලව පියවර ගෙන විශ්වවිද්‍යාලය සාමාන්‍ය තත්වයට පත්කිරීමේ පියවර ලෙස මෙම තීරණය ගත් බව ද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරියකු ඊයේ (03) අලුයම පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදු කර තිබූ අතර තුවාල ලබා ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඒ.එස්. දේවප්‍රිය (42) නමැති අයෙකි.

පහර කෑමට ලක්වූ මෙම පුද්ගලයා විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නේවාසිකාගාරයේ නිදා සිටියදී ඊයේ අලුයම පැමිණ සිසුන් පිරිසක් ඔහු අවදි කර පිටතට ගෙන යතුරුපැදියක බලහත්කාරයෙන් නංවාගෙන විශ්වවිද්‍යාල ශාරීරික සුවතා මධ්‍යස්ථානයට රැගෙන ගොස් මෙම පහරදීම කර ඇති බව පොලිසිය පවසයි.



සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසියටද පැමිණිලි කර ඇත. ආරක්ෂක නිලධාරියාට පහර දුන් සිසුන් පිරිස හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය කියයි. පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන මෙම පහර දීම සිදු කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම ආරවුල මත විහ්ව විදයාලයේ සියලු ආරක්ෂක නිලධාරීන් සාධාරණය ඉටුකරන තුරු සේවයෙන් ඉවත්වන බවට උපකුලපතිට දන්වා ඇතැයිද වාර්තා වී තිබුණි.
මෙම ගැටලුව නිරාකරණය වනතුරු සරසවිය වසා දැමීමට ඒ අනුව තීරණය වී තිබේ.