kelaniya-sequrity-personal-hospitalized

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරියකු ඊයේ (03) අලුයම පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදු කර ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි.සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඒ.එස්. දේවප්‍රිය (42) නමැති අයකු බව පොලිසිය කියයි.



පහර කෑමට ලක්වූ මෙම පුද්ගලයා විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නේවාසිකාගාරයේ නිදා සිටියදී ඊයේ අලුයම පැමිණ සිසුන් පිරිසක් ඔහු අවදි කර පිටතට ගෙන යතුරුපැදියක බලහත්කාරයෙන් නංවාගෙනවිශ්වවිද්‍යාල ශාරීරික සුවතා මධ්‍යස්ථානයට රැගෙන ගොස් මෙම පහරදීම කර ඇති බව පොලිසිය පවසයි.සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසියටද පැමිණිලි කර ඇත. ආරක්ෂක නිලධාරියාට පහර දුන් සිසුන් පිරිස හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය කියයි. පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන මෙම පහර දීම සිදු කර ඇති බවද පොලිසිය පවසයි. කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක