kiribathgoda-incident

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ගී‍ ගයමින්, නටමින් සිටි පුද්ගලයකු ඊයේ (18) අලුයම 2.00ට පමණ එම රාත්‍රී සමාජ ශාලාවේ සහ ඉන් පිටතදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඉහළට වෙඩි තබා, මිතුරන් ද සමග මෝටර් රථයක නැගී පලා ගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලීසිය පවසයි.



නටමින් හා ගී ගයමින් සිටි එම පුද්ගලයා ගැහැනු හුටපටයක් මුල් කරගෙන සිදු වූ බහින්බස් වීමකදී

ඔහු ළඟ තිබූ පිස්තෝල ගිනි අවියෙන් සමාජ ශාලාවේදී වෙඩි හතරක් ද, පිටතට පැමිණ ප්‍රධාන දොරටුව අසලදී වෙඩි දෙකක් ද ඉහළට තබා ඇතැයි කිරිබත්ගොඩ පොලීසියෙන් ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරයි.ඔහු ඉහළට වෙඩි තබන අයුරු සී.සී.ටී.වී. කැමරාවල රූප රාමු පරික්‍ෂා කර බැලීමේදී ද පෙනෙන්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා සමග පැමිණි පිරිස මෝටර් රථ දෙකකින් පලා ගොස් ඇති අතර, එම පිරිසේ කාන්තාවක් ද සිට ඇතැයි කියති.වෙඩි තැබීමෙන් කිසිවකුට හෝ දේපළවලට හෝ හානියක් සිදු වී නොමැති බව ද පොලීසිය කියයි. වෙඩි තබා පලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පෙද්දීසිය හා විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්‍ෂණ පවත්වයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය