kudu-roshan-nabbed

මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන්ට එරෙ­හිව පොලි­සිය දියත් කරනු ලැබූ යුක්තිය මෙහෙ­යු­මට බියෙන් පලා­ගොස් නුව­ර­එ­ළියේ සැඟවී සිටි පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වකු වන තුප්පහි ආර­ච්චි­ලාගේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් සිය ගෝල­බා­ල­යන් ඇතුළු 15 දෙනකු සහ දරු­වන් 08 දෙනකු සමඟ නැවත කොළඹ බලා වාහන දෙක­කින් පැමි­ණෙ­මින් සිටි­යදී වර­කා­පො­ළදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණ. 

මට්ට­ක්කු­ලිය සමි­ත්පුර කේන්ද්‍ර කර­ගෙන පාතාල අප­රා­ධ­වල ද නිර­තව සිටින කුඩු රොෂාන් 2015 වස­රේදී මට්ට­ක්කු­ලි­යේදී චූටි උක්කුං නමැති මත්කුඩු ජාවා­ර­ම්කරු ඇතුළු 05 දෙන­කුව වෙඩි තබා කපා කොටා ඝාත­නය කර­මින් පාතා­ලයේ කුප්‍ර­කට පුද්ග­ල­යකු ලෙස එළි­යට ආවේය. එම ඝාත­නය සම්බ­න්ධ­යෙන් පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇප මත නිද­හස ලබා පැමිණි ඔහු නැව­තත් 2019 වසරේ අගෝස්තු 15 වැනිදා මාද­ම්පි­ටිය සුසාන භූමියේ අව­ම­ඟුල් උත්ස­ව­ය­කට සහ­භාගි වෙමින් සිටි ආන­මාළු රංග ඇතුළු දෙදෙ­න­කුව කපා කොටා ඝාත­නය කර තිබිණි.


පාතා­ලයේ කුප්‍ර­කට චරි­ත­යක් වන කුඩු රොෂාන් යුක්තිය මෙහෙ­යුම ආරම්භ වීමත් සිය ගෝල­බා­ල­යන් සහ පවුලේ සාමා­ජි­ක­යන් සමඟ නුව­ර­එ­ළි­යට පලා­ගොස් තිබේ. මෙහෙ­යුම් නතර වී ඇති බව සිතා ඔහු දින 10කට පසු නැවත මට්ට­ක්කු­ලිය බලා වෑන් රථ­ය­කින් සහ මෝටර් රථ­ය­කින් පැමි­ණෙ­මින් සිටි­යදී අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ වර­කා­පොළ පොලි­සියේ දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක කේ.පී.කේ. රණ­වංශ මහ­තාට ලද තොර­තු­ර­කට අනුව වර­කා­පොළ අඟු­රු­වැල්ල මංස­න්ධි­යේදී කළ පරී­ක්ෂා­ව­කදී පෙරේදා (26) මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදුව ඇත.

කුඩු රොෂාන් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් අතර ඔහුගේ සහෝ­ද­ර­යකු ඇතුළු පිරිමි පුද්ග­ල­යන් 10 දෙනකු ද කාන්තා­වන් 05 දෙනකු ද දරු­වන් 08 දෙන­කුද සිට ඇත. මෙහිදී පොලි­සිය පිරිමි 10 දෙනාත් කාන්තා­වන් 05 දෙනාත් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඔවුන් අවු­රුදු 23ත් - 44ත් අතර වය­ස්වල පසු­ව­න්නන්ය. එම අත්අ­ඩං­ගු­වට ගත් පිරි­සෙන් එක් පුද්ග­ල­යකු සන්ත­කයේ හෙරො­යින් ග්‍රෑම් 01ක් සහ තවත් පුද්ග­ල­යකු සතුව හෙරො­යින් ග්‍රෑම් 875ක් තිබූ බව පොලි­සිය පව­සයි.


අත්අ­ඩං­ගු­වට ගත් මෙම පිරිස කොළඹ 05 හා කොළඹ 15 යන ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන්ය.

කෑගල්ල නියෝජ්‍ය පොලි­ස්පති රොෂාන් රාජ­පක්ෂ මහතා සඳ­හන් කරනු ලැබුවේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇති පිරිමි පුද්ග­ල­යන් දස­දෙ­නා­ගෙන් සිව්දෙ­නකු හා කාන්තා­වන් තිදෙ­න­කුට මට්ට­ක්කු­ලිය පොලිස් ස්ථානයේ විෂ මත්ද්‍රව්‍ය ලේඛ­නයේ නම් ලේඛ­න­ගත වී ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවා­රම් කිරීම, මනුෂ්‍ය ඝාත­න­යට තැත් කිරීම, මනුෂ්‍ය ඝාත­න­යට අනු­බල දීම වැනි චෝද­නා­ව­ලට අධි­ක­ර­ණයේ දැනට ඔවු­නට නඩු පව­තින බවය.

ගයාන් කුමාර වීර­සිංහ, රක්ෂණ ශ්‍රියන්ත,
කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්