යුක්තිය මෙහෙයුම යටතේ දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය පෙරේදා (27) වැටලූ අවස්ථාවේදී පොලිස් සැරයන්වරයකුගේ හිසට ගලකින් පහරදී පලායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්දුව්‍ය ඡාවාරම්කරුවකු ඇතුළු 53 දෙනෙක් දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. තුවාල ලද සමරජීව නමැති පොලිස් සැරයන්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
සැරයන්වරයාට තුවාල කළ ජාවාරම්කරු වන " මාලිගාවත්තේ අසිත " නමැත්තා සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව බෝම්බයක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,500 ක්ද පොලිස් බාරයට ගෙන ඇත. දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්රමුඛ විවිධ ශ්‍රේණි වලට අයත් නිලධාරීන් සහ නිලධාරිනියන් 42 කගෙන් සමන්විත පිරිසක් ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වැටලීමත් සමගම සැකකරු එයින් පිටව යෑම සඳහා පැමිණීමේදී තුවාල ලද සැරයන්වරයා සැකකරුට නැවතීමට කළ සංඥාවට අවනත නොවී පලායෑමේ දී සැරයන්වරයා ඔහු පසුපස හඹා ගොස් අල්ලා ගැනීමේ දී වූ පොර බැඳීමත් සමඟම දෙදෙනාම බිම වැටී ඇති අතර එම අවස්ථාවේදී සැකකරු සැරයන්වරයාට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබූ බව පොලිසිය කියයි.
ඒ සමඟම එම ස්ථානයට ළඟා වූ සෙසු නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා
සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇත. පැය හතරක් තිස්සේ කළ එම මෙහෙයුමේ දි ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකු ඇතුළු 47 දෙනකු හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු 6 දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර කාන්තාවක ද වන බවත් පොලිසිය පවසයි. සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments