ltte-accountant-death

කොටි සංවි­ධා­නයේ හිටපු ප්‍රධාන මූල්‍ය විග­ණක නිල­ධා­රි­නිය වූ පාතාං­ජලී භාරතී නමැති කාන්තාව හෘද­යා­බා­ධ­ය­කින් ප්‍රංශ­යේදී ඉකුත්දා (6) මිය­ගොස් තිබේ.



යුද සම­යේදී කොටි සංවි­ධා­නය සතු සියලු මුදල් විග­ණ­න­යට ලක් කරන ලද්දේ ඇය විසිනි. යුද්ධය හමාර වීමට ආස­න්න­යේදී ඇය ප්‍රංශ­යට පලා ගොස් එහි සිටි දෙමළ ධන­වත් ව්‍යාපා­රි­ක­යකු සමඟ විවාහ වී ඇයද ව්‍යාපා­රික කට­යු­තු­වල නිර­තව සිට ඇත. ඇගේ සැමි­යාද කොටි සංවි­ධා­නය වෙනු­වෙන් මුදල් රැස් කළ ප්‍රකට ව්‍යාපා­රි­ක­යෙකි. සිව­නේ­සන් බාබු නමැති ඔහු ප්‍රකාශ කොට ඇත්තේ සිය බිරිය හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් රෝහ­ල්ගත කිරී­මෙන් අන­තු­රුව මිය­ගිය බවයි. ප්‍රංශයේ චෙරන් වැනි­ෆාම් නමැති ව්‍යාපාර සමූ­හයේ අයි­ති­කරු තම බිරිය බවද ඔහු ප්‍රකාශ කොට ඇත.
 රසුල දිල්හාර ගමගේ