lunch-sheets-ban-soon

සෞඛ්‍ය හා පාරි­ස­රික වශ­යෙන් සිදු­වන දැඩි හානි සලකා බලා ලන්ච් ෂීට් (Lunch Sheet) භාවි­තය තහ­නම් කිරී­මට පරි­ස­රය, ස්වාභා­වික සම්පත් හා තිර­සර සංව­ර්ධ­නය පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභා­වෙන් මධ්‍යම පරි­සර අධි­කා­රි­යට නිර්දේ­ශ­යක් නිකුත් කර තිබේ.



ඒ අනුව ලන්ච් ෂිට් භාවි­තය නිසා මෙරට සිදු­වන පාරි­ස­රික හානිය මෙන්ම ඒවායේ පව­තින තැලේට් නම් පිළිකා කාර­කය මිනිස් ජීවි­ත­ව­ලට එල්ල කරනු ලබන බල­පෑම හා පාරි­ස­රික වශ­යෙන් සිදු­වන දැඩි හානි සලකා බලා, එය භාවි­ත­යෙන් ඉවත් කිරී­ම­ටත් ඊට විකල්ප හඳු­න්වා­දී­ම­ටත් මාස 6ක සහන කාල­යක් ලබාදී ලන්ච් ෂීට් භාවි­තය තහ­නම් කිරී­මට මෙහිදී නිර්දේශ ලබා දී ඇත.

මීට අම­ත­රව පරි­සර පනත සංශෝ­ධ­න­යේදී පොලි­තින් හා ප්ලාස්ටික් භාවි­තය අවම කිරී­මට
විශේෂ කරුණු කිහි­ප­යක්ම යෝජනා වී ඇත. ප්ලාස්ටික් බෝතල් ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය සඳහා නැවත නිසි ලෙස එකතු කිරීම,

ඒවා නිෂ්පා­ද­නය කර බෙදා හරිනු ලබ­න්නා­ටම ලබා දීම, නව තාක්ෂ­ණ­යෙන් QR කේත භාවිත කර විවිධ පරි­භෝ­ජන අව­ශ්‍යතා සඳහා බෙදා හරිනු ලබන ප්ලාස්ටික් බෝතල් නැවත එකතු කර ප්‍රති­ච­ක්‍රී­ක­රණ ක්‍රියා­ව­ලි­යට එකතු කිරීමේ ක්‍රම­වේ­ද­යක් සකස් කිරීම ද මෙම පනත සංශෝ­ධ­නය කිරී­මෙන් අපේක්ෂා කෙරේ.
 සුභා­ෂිණි ජය­රත්න