manna-roshan-incident

විවිධ අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි නායකයකු වූ රොෂාන් ඉන්දික නොහොත් මන්නා රොෂාන් සහ ඔහුගේ සහායකයා වූ සුපුන් නිමේෂ් නමැත්තාට පාදුක්ක තුන්නාන වෙන්දේසිවත්ත ඉඩමේදී වෙඩි තබා ඇත්තේ යතුරු පැදි දෙකකින් පැමිණි සිවු දෙනකුගෙන් යුත් සන්නද්ධ කණ්ඩායමක් බවට තොරතුරු අනාවරණයවී ඇතැයි

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. සීසිටීවි කැමරා දර්ශන පනහකට අධික සංඛ්‍යාවක් යොදාගෙන මේ පිළිබඳ විමර්ශන පවත්වනව බව ද හෙතෙම කීවේය.



ලලිත් කන්නන්ගර නමැති සංවිධානාත්මක අපරාධකරුවකු දුරකතනයෙන් දුන් තොරතුරු අනුව මන්නා රොෂාන්ගේ සහයකයා මත්කුඩු පාර්සලයක් ලබා ගැනීම සඳහා ජීප් පොලිසිය පවසයි. රථයෙන් බැස සිටිය දී යතුරුපැදියකින් එම ස්ථානයට කඩා වැදුණු වෙඩික්කරුවන් එක පිට එක වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි එම වෙඩි ප්‍රහාර මන්නා රොෂාන්ගේ හිසට පපුවට ඉණට ඇතුළු ශරීරයේ ස්ථාන ගණනාවකට එල්ලවී තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තොරතුරු අනාවරණය වී ඇත.



බෝම්බ ළඟ තබා ගැනීම කප්පම් ගැනීම ආදී චෝදනා රැසකට මන්නා රොෂාන් නමැත්තාට එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය කියයි. මෙම ඝාතනය බොහෝ දුරට ඩුබායිහි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තා සිය ගෝල බාලයන් ලවා සැලසුම් සහගතව කළ එකක් බවට බොහෝ දුරට සැක කළ හැකි බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසීය.


බිමල් ශ්‍යාමන් ජයසිංහ