manna-roshan-killed

පාදුක්ක - තුන්නාන වෙන්දේසි ඉඩමක් තුළදී මන්නා රොෂාන් සහ ඔහුගේ ගෝලයෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට හේතුව සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර කළක් තිස්සේ පවතින ගැටුමක් බවට
පොලිසිය සඳහන් කළේය.


ඝාතනයට ලක් වූ මන්නා රොෂාන්ට සහ ඔහුගේ සමීපතමයා වූ සුපුන්ට දුරකතන ඇමතුමක් ලබා දී ගෙන්වා ගෙන ඝාතනය සිදු කර ඇති බවට හෙළිවී තිබෙන අතර ඔවුන් පැමිණි කැබ්රථය තුළ දී මෙලස ඝාතනයට ලක්ව ඇත.

ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු 18කට අධික ප්‍රමාණයක් හමුවී තිබෙයි.

මන්නා රොෂාන් පසුගිය සමයේ සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අතර බන්ධනාගාර ගතව සිට පැමිණ තිබූනේ මෑතක දීයි.


ඔහුට වර්ෂ  2019 දී  බෝම්බයක් සිය සන්තකයේ තබාගැනීමේ චෝදනාවක් තිබේ.

   මීට මාසයකට පමණ ඉහතදී පුද්ගලයෙකුට යකඩ පොල්ල කින් පහරදීමේ චෝදනාවකට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කර ඇත.

මන්නා රොෂාන් ඉපදී හැදී වැඩී ඇත්තේ  තංගල්ල ප්‍රදේශයේය.  ඝාතනය වන අවස්ථාව වනවිට ඔහු පූගොඩ ප්‍රදේශයේ බිරිය සමග පදිංචි වී සිට ඇත.

ඝාතනයට ලක් වූ ඔහුගේ සගයාත් මත්ද්‍රව්‍යවලට හුරු වූ ආබාධිත  පුද්ගලයෙකි.  මියගිය මන්නා රොෂාන් නැමැත්තාගේ බිරිය විමර්ශන අංශ වෙත පවසා ඇත්තේ අළුයම ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සිය සැමියා යම් පුද්ගලයෙක් හමුවිය යුතු බව කියා නිවසින් පිටත්ව ගිය බවය.

එම දුරකථන ඇමතුම ලබා දී තිබුණේ දැනට ඩුබායිහි වෙසෙන පාතාල අපරාධකරුවෙක් වූ ලලිත් කන්නංගර විසින් යැයි සැමියා කී බව  ද ඇය පවසා තිබේ.

දැනට විමර්ශන අංශ හෙළි කරගෙන ඇති ආකාරයට මෙම ගමන පිටත්වන්නට පෙර මන්නා රොෂාන් නැමැත්තා යම් පුද්ගලයෙකුගේ ගිනුමක් වෙත රුපියල් පහළොස් දහසක් බැර කර තිබේ. එම ගිනුම් හිමියා සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු වී  ඇත.

මන්නා රමේෂ් සහ ඔහුගේ මිතුරා ඝාතනය කර ඇත්තේ වෙඩි 21ක් තැබීමෙන් බවත්, මේ ඝාතනය සැලසුම්කළ ඝාතකයින් මෙම පුද්ගලයින් දෙදෙනා පාදුක්ක තුන්තාන වෙන්දේසි වත්තට ගෙන්වා ඝාතනය කර ඇති බවත් විමර්ශන අංශ වෙත පෙනී ගොස් තිබේ.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ  අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.

මියගිය සුපුන් නැමති අනෙක් පුද්ගලයා ද රොෂාන්ගේ කටයුතු වලට සහය දක්වා ඇත.