marawila-incident

මාර­විල පොලිස් වස­මට අයත් මූදු­ක­ටුව මුහුදු තීරයේ දිය නෑමට ගොස් රළ පහ­රට ගසා­ගෙන යාමෙන් පාසල් සිසු­වකු අතු­රු­දන්ව තවත් සිසුන් දෙදෙ­නෙකු රෝහ­ල්ගත කර තිබේ. 27 වෙනි දින සවස මෙම අන­තුර සිදුව ඇත.



මෙසේ අතු­රු­දන් වී ඇත්තේ උතුරු මූදූ­ක­ටුව ප්‍රදේ­ශයේ පදිංචි මූදු­ක­ටුව ෆාතිමා විද්‍යා­ලයේ 11 වසර ඉගෙ­නුම ලබන එම්. නිසං­සල පුස්ප­කු­මාර නමැති සිසු­වාය.

මෙම සිසුන් තිදෙනා දිය නමින් සිටි­යදී එක වරම ආ රළ පහ­ර­කට හසුව ගසා­ගෙන ගොස් ඇති අතර පසුව සිද්ධිය දැක ප්‍රදේ­ශ­වා­සීන් සිසුන් දෙදෙ­නෙකු බේරා­ගෙන රෝහල් ගත කර තිබේ. අතු­රු­දන් වූ සිසුවා රළ පහ­රට ගසා­ගෙන දිය­ඹට යාම හේතු­වෙන් බේරා ගැනී­මට නොහැකි වී තිබේ.

අතු­රු­දන් වූ සිසුවා සොයා ප්‍රදේ­ශ­වා­සීන් සහ මාර­විල පොලි­සිය මැදි­හත්ව මෙහෙ­යුම් සිදු කරයි. රෝහ­ල්ගත කර සිටි සිටින සිසුන් දෙදෙ­නාගේ තත්ත්වය බර­ප­තළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පව­සයි.

 මිහිර විජේ­සේ­කර මාර­විල