මාවතගම පිලැස්ස බොරලන්කඩ ජයසුන්දර මායාදුන්න බණ්ඩාර, ඉබ්බාගමුව බක්මීගොල්ල කුසල් රාජිත වෙලගෙදර, කුරුණෑගල යන්තම්පලාවේ සිරිදුර වීරසිංහ, කෘෂි පර්යේෂණ නිලධාරියෙකු ලෙස සේවය කරන මහවෙල තැඹිලිදෙණියේ කේ.එම්.වික්‍රමසිංහ, පොතුහැර බැවිල්ගමුවේ චාමිනී ප්‍රියදර්ශනී ඉබ්බාගමුව සහ මුළු දිවයිනටම සාමදාන විනිසුරුවරියක වන දොඩම්ගස්ලන්ද වරකාවැහැර මධූෂානී සමරකෝන් යන අය රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. මධූෂානී සමරකෝන් නමැත්තියට මෑතකදී දේශමාන්‍ය නමින් ගෞරව නාමයක්ද ලැබී ඇති බව ද කියයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ නිලධාරීන් පිරිසක් ලෙස පෙනී සිට ඇති සැකකරුවන් දිස්ත්‍රික්කයේ ඇති කොමිසන් සභාවට අයත් රජයේ ඉඩම් අඩු මිලකට ලබා දිය හැකි බවට රම්බොඩගල්ල මොනරාගල විහාරස්ථානය වෙත ප්‍රදේශයේ ජනතාව කැඳවා පවසා තිබෙන බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ රිදීගම පොලීසිය සඳහන් කළේය.
පසුව මේ පිරිස පිළිබඳව සැක සිතූ රැස්ව සිටි පිරිසෙන් කෙනෙකු ඉඩම් අමාත්‍යාංශ ලේකම් බුවනෙක හේරත් මහතාට ඒ බව දැනුම්දී ඇති බව ද ඒ අනුව මොවුන් පිළිබඳව තොරතුරු සොයා බැලූ අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පිරිස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ නමින් පෙනී සිටින වංචනිකයන් පිරිසක් බවට හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස දැනුම් දුන් බව ද පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ නාමය සඳහන් ටී ෂර්ට් වලින්ද සැරසී සිටිමින් මෙම වංචනික ක්‍රියාවෙහි නිරතව සිටි බව ද දිවයිනටම සමාදාන විනිසුරු තනතුරක් හිමි සැකකාරිය මෙම කණ්ඩායම මෙහෙයවා ඇති බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මොවුන් මේ ආකාරයටම තවත් ප්‍රදේශවල ජනතාව රවටා මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියාවල නිරතව ඇත්දැයි වැඩි දුරටත් විමර්ශනය කරමින් සිටින බවද පොලීසිය කියා සිටියේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ නාමය සඳහන් ස්ටිකර් ප්‍රදර්ශනය කරමින් සැකකරුවන් පිරිස පැමිණ තිබූ වෑන් රථයක් සමඟ යතුරු පැදියක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුදත් වෙදමුල්ල මහත්වරුන්ගේ උපදෙස් අනුව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රිදීගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත සුබසිංහ මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.
පුෂ්පකුමාර ජයරත්න
0 Comments