moratuwa-vine-factory-nabbed

මොරටුව උයන ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ වයින් නිෂ්පාදනාගාරයක් වටළා සැකකරුවෙකු සහ නිෂ්පාදනය කළ වයින් තොගයක් පාදුක්ක සුරාබදු කාර්යාලයේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ නිෂ්පා­දන අලෙ­විය සදහා වෙබ් අඩ­වි­යක්ද නිර්මා­ණය කර අන්තර් ජාලය මඟින් ඇණ­වුම් ගනි­මින් කාල­යක සිට මහා පරි­මා­ණ­යෙන් නිෂ්පා­ද­නා­ගා­රය පව­ත්වා­ගෙන ගොස් තිබූ බව පාදුක්ක සුරා­බදු කාර්යා­ලය සඳ­හන් කරයි. එම කාර්යා­ලයේ ස්ථානා­ධි­පති ප්‍රධාන සුරා­බදු පරී­ක්ෂක කීර්ති ආරි­ය­පාල මහ­තාට ලද තොර­තු­රක් මත උපාය දූත­යකු යොදා­ගෙන මේ නීති විරෝධි වයින් නිෂ්පා­ද­නා­ගා­ර­යට ඇතුළු වී මේ වැට­ලීම සිදු කර ඇත.



උත්සව සමය ඉලක්ක කර­ග­නි­මින් වෙනත් කාල­ව­ලට වඩා වැඩි වයින් නිෂ්පා­ද­න­යක් මෙහි සිදු කර ඇති බවත්, සමාජ මාධ්‍ය මඟින් කිව්ආර් (QR) කේත භාවිත කර­මින් ඉතා ඉහළ මිල ගණ­න්ව­ලට මේ වයින් නිෂ්පා­දන අලෙවි කර ඇති බවත්, අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වූ බවද එම කාර්යා­ලය පව­සයි.

මේ නීති විරෝධි බල­පත්‍ර රහිත වයින් නිෂ්පා­ද­නා­ගා­රය සඳහා වයින් නිෂ්පා­දන සඳහා වෙළෙඳ බල­ප­ත්‍ර­යක් නිකුත් කිරී­මට මොර­ටුව මහා නගර සභාව කට­යුතු කර ඇත. මේ නීති විරෝධි නිෂ්පා­ද­ක­යෙන් බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලාවේ පැ‍වැති අලෙවි ප්‍රද­ර්ශන සඳ­හාද මේ නිෂ්පා­දන අලෙවි කුටි­වල තබා අලෙවි කර ඇතැ­යිද සිදු කළ විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

මේ නිෂ්පා­ද­නා­ගා­රයේ තිබී එළ­වළු සහ පල­තුරු යොදා­ගෙන නිෂ්පා­ද­නය කළ රුපි­යල් ලක්ෂ පහක් පමණ වටිනා වයින් බෝතල් 58ක් සහ වයින් මත්පැන් තොග­යක් බෝතල් මූඩි මුද්‍රා තබන යන්ත්‍ර දෙකක් හිස් බෝතල්, මූඩි තොග­යක් ප්‍රචා­රක බැනර් ආදිය සුරා­බදු නිල­ධා­රීන් සිය භාර­යට ගෙන ඇත.



අත්අ­ඩං­ගු­වට පත් මොර­ටුව උයන ප්‍රදේ­ශ­යේම පදිං­චි­ක­රු­වකු වන 59 හැවි­රිදි සැක­කරු මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. සහ­කාර සුරා­බදු කොම­සා­රිස් බස්නා­හිර පළාත 2 ජයන්ත සිල්වා සහ සුරා­බදු අධි­කාරි 2 උපාලි ජය­සිංහ යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි පාදුක්ක සුරා­බදු කාර්යා­ලයේ ස්ථානා­ධි­පති ප්‍රධාන සුරා­බදු පරී­ක්ෂක කීර්ති ආරි­ය­පාල මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ සුරා­බදු පරී­ක්ෂක මාන්න උතුම් සුරා­බදු නියා­ම­ක­ව­රුන් වන 1127 කසුන්, 1169 වජිර, සුරා­බදු රියැ­දුරු දුමින්ද ඇතුළු නිල­ධා­රීන් විසින් මේ වැට­ලීම කර ඇත.