nagollagama-incident

ස්ථානා­ධි­ප­ති­ව­ර­යෙ­කු­ගෙන් දිගින් දිග­ටම සිදු­වෙන අත­වර හා හිරි­හැර සම්බ­න්ධව කරන ලද පැමි­ණි­ලි­ව­ලට අනුව කරන ලද පරී­ක්ෂ­ණ­වල ප්‍රති­ඵ­ල­යක් ලෙසට වැරදි කළ අය එතැ­නම රඳවා ප්‍රකාශ දුන් හා නොදුන් සිය­ලුම පොලිස් කාන්තා­වන්ට හිටි හැටියේ ස්ථාන මාරු­වීම් ලබා දුන් අරුම පුදුම කතා­වක් පිළි­බ­ඳව මහව නාගො­ල්ලා­ගම පොලිස් ස්ථාන­යෙන් අස­න්නට ලැබුණි.



නික­වැ­ර­ටිය කොට්ඨා­සය යටතේ පාල­නය වෙන අලු­තින් ඉදිවු මෙම පොලිස් ස්ථානයේ සිදු වී ඇති යම් යම් අක්‍ර­මි­ක­තා­ව­යන් සම්බ­න්ධව පොලිස් පොඩ්ඩෝ මෙසේ ද අද­හස් දැක්වූහ.

'හිටපු ජානා­ධි­ප­ති­ව­ර­යෙ­කුගේ ආර­ක්ෂා­වට හිටපු මොහු දැන් මෙහි ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙසට කට­යුතු කර­නවා. ඔහු පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක්. දේශ­පා­ලන බල­පෑම් නිසා තමයි ඔහු ඕ.අයි.සී. වුණේ. ඔහුට එරෙ­හිව ඉහ­ළට නිර්ණා­මික පෙත්ස­මක් ගියා. ඒ ගැන පරී­ක්ෂ­ණ­ව­ලට උසස් පොලිස් ලොක්කෝ ආවා. ජීප් රථය භාවිත කිරී­මේදී සිදු කරන වැරදි. ඒවාට බිල් ඉදි­රි­පත් කිරී­මේදි කර ඇති වැරදි ගැන පරී­ක්ෂණ දියත් වුණා. ප්‍රදේ­ශයේ පන්ස­ල්වල සංඝ­ර­ත්නය පවා මොහුට විරු­ද්ධයි. ඒ අතරේ

මෙම අනං­ග­යා­ගෙන් පොලිස් කාන්තා­වන්ට එල්ල­වෙන අත­වර, හිරි­හැර, තාඩන පීඩන ගැන ද අනා­ව­ර­ණය වුණා.



අව­සා­නයේ සියල්ල පසෙක තබා පොලිස් කාන්තා­වන්ට වෙන අක්‍ර­මි­ක­තා­ව­යන් ගැන උසස් පොලිස් නිල­ධා­රින් වෙත කැඳවා පරී­ක්ෂණ දියත් වුණා. අපි හිතුවා ඕ.අයි.සී.ට මාරු­වක් එයි කියලා. අව­සා­නයේ වුණේ විද්දේ හාවට වැදුණේ පඳු­රට වාගේ කතා­වක් තමයි. වැරැ­දි­කරු එතැ­න­මයි. ප්‍රකාශ දුන්න හා නොදුන් සිය­ල්ලෝම පිට­තට මාරු කෙරුවා. ගමේ හිටපු ඔවුන් දැන් කිලෝ මීටර් 50, 60 දුර කතර ගෙවා­ගෙන ඈතට යාමෙන් අපා දුක් විඳි­නවා. 

පොල්පි­ති­ගම - නන්දන කැලේ­ගම