nalin-jayathissa-speaks

බාල එන්නත් ගෙන්වීමේ ජාවාරම පිටුපස හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පමණක් නොව ඊට පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකු ද සිටින බවට සැකයක් පවතින්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක සහික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය 22 වැනිදා පැවැසීය.
පැවැසුවේ, බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යලයේදී පැවැති මාධ්‍ය හමුවකදී බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


මීට පෙර පැවරූ බොහෝ දූෂණ නඩු විභාග වලදී ඒවාට සම්බන්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට
නොගත්තා සේම මෙම සිදුවීමට සම්බන්ධ දේශපාලනඥයන් ද අත්අඩංගුවට නොගන්නා බව ද ඔහු පැවැසීය. ගනුදෙනුව කෝටි සියයක ගනුදෙනුවක් බවද, අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා යැයි තියන පුද්ගලයා එවැනි කොන්ත්‍රාත්තුවත් කළ හැකි මට්ටමක කෙනෙකු නොවන බව ද, ඔහු මෙහි එක ඉත්තකු පමණක් බව ද ජයතිස්ස මහතා කීය.
ජනාධිපතිවරයා රටපුරා තැන තැන ගිහින් විශ්ව විද්‍යාල හදන්න පොරොන්දු දුන්නත්, අලුතෙන් ආරම්භ කළ වෛද්‍ය පීඨ තුන මගින්වත් ගුණාත්මක වෛද්‍යවරුන් මෙරටින් බිහි කරගැනීම සඳහා කිසිදු සැලසුමක් නැතැයි ද ඔහු පැවැසීය.

නොගත්තා සේම මෙම සිදුවීමට සම්බන්ධ දේශපාලනඥයන් ද අත්අඩංගුවට නොගන්නා බව ද ඔහු පැවැසීය.


300 ගනුදෙනුව සියයක ගනුදෙනුවක් සිට ද, අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා යැයි තියන පුද්ගලයා එවැනි කොන්ත්‍රාත්තුවත් කළ හැකි මට්ටමක කෙනෙකු නොවන බව ද, ඔහු මෙහි එක ඉත්තකු පමණක් බව ද ජයතිස්ස මහතා කීය.
ජනාධිපතිවරයා තැන තැන ගිහින් විශ්ව විද්‍යාල හදන්න පොරොන්දු දුන්නත්, අලුතෙන් ආරම්භ කළ වෛද්‍ය පීඨ තුන මගින්වත් ගුණාත්මක වෛද්‍යවරුන් මෙරටින් බිහි කරගැනීම සඳහා කිසිදු සැලසුමක් නැතැයි ද ඔහු පැවැසීය.

මුදිතා දයානන්ද