national-hospital-driver-arrested

කොළඹ ජාතික රෝහ­ලට අයත් ගිලන් රථ­යක් බීම­තින් ධාව­නය කර පොලිස් මාර්ග බාධ­ක­යක ගැටී අන­තු­ර­කට ලක් කළ රියැ­දුරා හලා­වත පොලි­සිය පසු­ගිය 11දා රාත්‍රි­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.



බෙල්ලන එගො­ඩ­වත්තේ පදිං­චි­ක­රු­වෙක් වන කොළඹ ජාතික රෝහලේ සේවය කරන බෙල්ලන විතා­න­ලාගේ සිසිර කුමාර නැමැති මේ ගිලන් රථ රියැ­දුරා හලා­වත මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට පෙරේදා (12) ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 15වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කළ බව හලා­වත පොලි­සිය සඳ­හන් කළේය.



හලා­වත දැදු­රු­ඔය පාලම මත ඇති පොලිස් මාර්ග බාධ­කයේ මේ ගිලන් රථය ගැටී ඇත්තේ පුත්ත­ලම දෙස සිට හලා­වත දෙසට ධාව­නය කර­මින් තිබි­ය­දීය. එම අන­තු­රින් ගිලන් රථ­යට හානි සිදුව ඇති බව ද පොලි­සිය පව­සයි.

හලා­වත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ලූෂන් සූරි­ය­බ­ණ්ඩාර මහ­තාගේ උප­දෙස් මත රථ­වා­හන අන­තුරු අවම කිරීම සහ අප­රාධ නිවා­රණ කට­යුතු සඳහා දැදු­රු­ඔය පාලම මත ස්ථාපිත කර ඇති පැය 24 පුරාම ක්‍රියා­ත්මක මාර්ග බාධ­කය ක්‍රියා­ත්මක වන්නේ හලා­වත පොලි­සියේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉඳු­නිල් ඒක­නා­යක මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙනි.



මේ ස්ථාන­යේදී මාර්ග බාධ­ක­යක ගිලන් රථය ගැටී ඇත්තේ රාත්‍රි 9.30ට පම­ණය. එම අව­ස්ථා­වේදී රෝගීන් කිසි­වෙක් ගිලන් රථයේ සිට නැත. ගිලන් රථ රියැ­දුරු සහා­ය­ක­යන් බව කියන දෙදෙ­නෙකු පම­ණක් රථයේ ගමන් කර­මින් සිට ඇත. රියැ­දුරු බීම­තින් සිටි­යත් සෙසු දෙදෙනා බීම­තින් සිටි බවට නිරී­ක්ෂ­ණය නොවූ බව පොලි­සිය කියයි.

රියැ­දුරු බීම­තින් සිටින බව පරී­ක්ෂ­ණ­ව­ලින් තහ­වුරු කර­ගැ­නී­මත් සමඟ ඔහු අත්අ­ඩං­ගු­වට ගත් බවත් ගිලන් රථය පොලිස් භාර­යට ගත් බවත් පොලි­සිය කියයි. මේ ගිලන් රථය අලුත්ම වර්ගයේ එකක් බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි රෝගි­යකු අනු­රා­ධ­පු­රය රෝහ­ලට භාරදී පැමි­ණෙන අත­ර­තුර මේ අන­තුර සිදුව ඇති බව විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත.

අනු­රා­ධ­පු­රයේ සිට පැමි­ණෙන අත­ර­තුර පුත්ත­ලම ප්‍රදේ­ශ­යේදී ගිලන් රථ රියැ­දුරු මත්පැන් පානය කර ඇතැයි ඔහු සමඟ සිටි දෙදෙ­නා­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වූ බව ද නිල­ධා­රියා කීය.

ගයාන් කුමාර වීර­සිංහ