netanyahu-wife-pope

හමාස් සංවි­ධා­නය විසින් ගාසා තීරයේ රඳවා තබා සිටින ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර­ගැ­නී­මට මැදි­හත් වන ලෙස ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුගේ බිරිය සාරා නෙත­න්යාහු ෆ්‍රැන්සිස් පාප්වහ­න්සේ­ගෙන් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා පාප්වහ­න්සේට ලිපි­යක් යොමු කර­මින් ඊශ්‍රා­යල අග­මැති බිරිය සඳ­හන් කර ඇත්තේ පෞද්ග­ලි­ක­වම මේ සඳහා මැදි­හත් වන ලෙස­ටය. කොන්දේසි විර­හි­තව සහ ප්‍රමා­ද­ය­කින් තොරව ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර­ගැ­නී­මට බල­පෑම් කරන ලෙස ද එම ලිපියේ සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.



ගාසා තීරයේ රඳවා තබා සිටින බව කියන ඊශ්‍රා­යල ජාතික ප්‍රාණ ඇප­ක­රු­වන්ට අවශ්‍ය වෛද්‍ය පහ­සු­කම් සප­යන ලෙස රතු කුරුස සංවි­ධා­න­යෙන් ඉල්ලී­මක් කරන ලෙසත්, ප්‍රාණ ඇප­ක­රු­වන්ගේ ජීවිත බේරා ගැනී­මට පාප්වහ­න්සේට හැකි­යාව පව­තින බවත් සාරා නෙත­න්යාහු සිය ලිපි­යෙහි වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර­ගැ­නී­මට රාජ්‍ය­තා­න්ත්‍රි­කව උත්සාහ කරන ලෙස ඉල්ලී­මක් කර­මින් ඊශ්‍රා­යල අග­මැති බිරිය ලොව පුරා රාජ්‍ය නාය­ක­යන් 33 දෙන­කුගේ බිරි­යන් වෙත ද ලිපි යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.