newzealand-fraud

නවසීලන්තයේ විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් අහුන්ගල්ල, අම්බලන්ගොඩ ආදී ප්‍රදේශ රැසක පුද්ගලයන් 107දෙනෙකුගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු 12දා වතුගෙදරදී අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය සඳහන් කරයි.



වතුගෙදර පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුව‍ෙපත්ව ඇත.

මෙම වංචාවට හසවූ අහුන්ගල්ල ප්‍රදේශයේ තිදෙනෙකු විසින් අහුන්ගල්ල පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව

සිදු කළ පරීක්ෂණවලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ ආකාරයට සැකකරු විසින් පුද්ගලයන් 107දෙනකුගෙන් එක් අයෙකුගෙන් රුපියල් 240,000 බැගින් මුදල් ලබාගෙන ඇති බවටද පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලීසිය පවසයි.

මොහුගේ සොහොයුරා විදෙස් රැකියා ඒජන්සියක රැකියා කරන බවත් එහි නම භාවිත කරමින් මෙම වංචාව සිදු කොට ඇති බවට අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.



මෙය වංචාවක් බවට හෙළිවී අවස්ථාවේදී ඔහුට මුදල් ලබාදුන් පුද්ගලයන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ සැකකරුට ලබාදුන් මුදලට වඩා වැඩි මුදලක් චෙක්පත් මගින් ඔවුන්ට ලබා දී ඇති බවත් එහෙත් එම චෙක්පත් අගරු වී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

අහුන්ගල්ල හා අම්බලන්ගොඩ පොලීසි සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 (කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්න)